අනුරාධපුරයේ සිට සැතපුම් 21ක් ඊසාන දිශාවෙන් එදා තිබූ වේවැල්කැටිය නම් වූ ගම්මානයෙන් සොයාගත් වේවැල්කැටිය පුවරු ලිපියද ඓතිහාසික අතින් වැදගත් වූ එකකි. මෙය අයත් බව සැලකෙන්නේ සිව්වැනි මහින්ද රජුගේ රාජ්‍ය සමය වූ ක්‍රි.ව. 1026-1042 යන කාල සමයටය. 1875 වර්ෂයේ ගෝල්ඩ්ස්‌මිත් මහතා විසින් ද 1883 වසරේ ආචාර්ය මූලර් මහතා විසින් ද 1891 වසරේ එච්. සී. පී. බෙල් මහතා විසින් ද මෙම ලිපිය පිළිබඳ අදහස් ඉදිරිපත්කොට තිබේ. අනුරාධපුර යුගයට අයත් මෙම ශිලාලේඛනය පුවරු ලිපියකි. මෙම පුවරු ලිපිය තුළ සඳහන් වන්නේ දසගම නම් වූ ගම්මානය තුළ වූ නීති රීති සමුදායක් ගැනය. එදා රටේ තිබූ නීති රීතිද මේ ලිපියේ සඳහන් අතර එවකට තිබූ බිහිසුණු වූ දඬුවම් ක්‍රමවලට හොඳම සාක්ෂියද මෙම පුවරු ලිපියයි. එදා රටේ මරණීය දණ්ඩනය පවා ක්‍රියාත්මක වූ බව මෙහි පැහැදිලිව සඳහන් කර තිබේ.මෙම පුවරු ලිපියෙන් අපට, අප දැන් සාධාරණය සොයන නීති පද්ධතියට එහා ගිය දියුණු නීති පද්ධතියක් ආදී ශ්‍රී ලාංකිකයා සතුව පැවති බව පෙන්වා දෙයි.එහි සඳහන් නිශ්චිත දඬුවම් පද්ධතියක් මඟින් සැමට සෙත සැලසීමේ යහපත් පාලන තන්ත්‍රයක වටිනාකම මොනොවට පැහැදිලි කරයි.එකී දඬුවම "ගලේ කෙටූ අකුරක් " සේ නිශ්චිත බව එය පුවරුවක් මත කොටා ප්‍රදරශනය කිරීමෙන් , පාලන තන්ත්‍රයක පැවති පාරදෘශ්‍ය භාවය පෙන්නුම් කරයි.එය වගවීම පමණක් නොව නීතියේ පරමාධිපත්‍යයය මෙන්ම ජනතා සහබාගීත්වයද,රටක යහපාලනයකට අවශ්‍ය බව පෙන්වා දෙයි.එසේම මෙහි විශේෂත්වය වන්නේ,වරදට දඬුවම් ලැබීම සහ ,වරදකරුට දඬුවම් නොකිරීමට අදාලවද නීතිය ක්‍රියාත්මක වීමයි.එසේම වරදකරුට නොව වරදට අදාලව දඩුවම් දීමයි.මෙහි සඳහන් කරුණු අනුව,මෙය අනුරාධපුරයට අයත් පුවරු ලිපියක් බව සනාත කරයි,එසේම ඉතිහාසඥයන් ගේ පිළිගැනීම අනුව ,මෙම පාලන කාලය ,ක්‍රිව 1026-1042, IV මහින්ද රජුගේ පාලන සමයයි .මෙම ලිපියේ සඳහන් පරිදි මෙම නීතිමය ක්‍රියාදාමය බලපවත්නේ ,උතුරු අමිගම් කුලයෙහි,කිබිනිලම දසගම වාසීන්ටය.(කිබිනිලම ,වර්තමානයේ කනදරාව ගම්වසම හෝ කැඳෑකෝරළය විය හැකි බව කියයි). ඒ අනුව දසගමවාසීන් විසින් රාජ්‍ය නීති රීති ක්‍රියාවේ යොදවන ලදී. එය ඔවුන් විසින් කළයුත්තේ කෙසේ ද යන්න මෙම පුවරු ලිපිය මගින් මනා ලෙස කෙටුම්පත්කොට තිබේ. අපරාධ හා අයුක්‌තිය පිළිබඳව නීතිය පසඳලීම දසගම ඇත්තන් විසින් අනිවාර්යෙන්ම කළයුතු විය. එසේ නොවුන හොත් නායකත්වයටද අනිවාර්යයෙන් දඬුවම් ලැබෙන ආකාරයත් මෙහි සඳහන්ය. සෙල්ලිපිය එක් එක් වරදට අදාළව ඒ බව අවධාරණය කොට තිබේ.
ඒ අනුව මෙම ලිපියේ විශේෂත්වය වන්නේ වරදට දඩුවම් නියම කිරීම මෙන්ම වරදකරුට දඬුවම් නොකිරීමට අදාළව ද නීතිය ක්‍රියාත්මක වීමයි. ඊටත් වඩා සුවිශේෂී තත්ත්වයක් වන්නේ වරදකරුට නොව වරදට අදාළව නීතිය ක්‍රියාත්මක වීමයි.පේලි 45 කින් යුතු මෙය දිගු පුවරු ලිපියකි.ගම් රාජකාරියේ අකාර්යක්ෂමතාවය දඬුවම් ලැබිය හැකි වරදකි.යම් ප්රාදේශීය සීමාවක් තුල මංකොල්ලයක් සිදුවීමෙන් පසු ,සොරුන් අල්ලා ගැනීමට ගම් නායකයන්ට ලැබෙන කාලය දින 45 කි. මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේදී චූදිතයාව කොටුකර ගැනීමේ කදිම උපාය ක්‍රමයකි. වරදකරුට, ගම්වැසියන් සියල්ලට හොරෙන් සැඟව සිටීම දුෂ්කරය.එම කාල සීමාව ඇතුලත අදාල ගම් දහයේ නායකයන්ට නොහැකි වුවහොත්,ගම් දහයේ ඒකකයෙන් කහවණු 125 රජයට ගෙවිය යුතුය.
ආයුධයකින් යමෙකුට තුවාල කළ අයෙකු අල්ලා ගැනීමට නොහැකි වුවහොත්,අදාල දස ගමෙන් රජයට රන්කහවණු 50 ක් අය කෙරිණි .මෙය යහ පාලන තන්ත්‍රයක් සේම,සිවිල් සමාජය සිය උපරිම දායකත්වය නීතියට දිය යුතු බව අවධාරණය කිරීමකි.එසේම අල්ලාගන්නා වරදකරුගෙන් අය කරන දඩ මුදල "පෙර සිරිත පරිදි" බෙදා ගැනීමට අදාල ගම්නායකයන්ට අවසර අැත.වරද කිරීම හා වරදට සහය දීමද සමාන දඬුවම් ලැබිය යුතු වරදකි.එහිදී රන් කහවණු 50 ක දඩය ගෙවිය නොහැකිව,රාජ සන්තක කරන්නට නිවසක් ද නැතිනම්,වරදකරුවන්ගේ අත්පා කපා දැමීමට (මා,අනුමත නොකලත්),දඩුවම් නියම වීම වැරදි කරන්නට බියවීම පෙන්වයි.කෘෂි ආර්ථිකයට පදනම වූ මී හරකුන් ,එළ හරකුන් ,එළුවන් වැනි සතුන් මැරීම ,දඬුවම් ලැබිය යුතු වරදකි.මොවුන්ව සොරකම් කිරීමට අදාල දඬුවම ,සොරුන් බව කිහිල්ලේ හන තබන දඬුවමයි.මෙයින් ,ඔහු සොරෙකු බව සෙසු අයට දැනගැනීමට සලස්වයි.දැන් ඔබට ප්‍රස්නයක් වෙන්නට ඇති ශරීරයේ වෙනත් හොඳින් පෙනෙන තැනක මෙය නොතැබුවේ ඇයිද යන කාරණය ඒ ද කලේ සිතාමතාමය.කෙනෙකු සිතාමතා කිහිල්ල පරීක්ෂා කරන්නෙ නැත,එම නිසා සිතාමතාම කරතොත් හැර වෙන කෙනෙකුට එම හනය පෙනෙන්නේ නැත.මෙය සිදුකිරීමට හේතුව,තමා කල වරද වටහා ගත්තෙකුට,වරදින් මිදීමට අවස්ථාවක් දීමය.ඔහු සොරකම් නොකරන තාක් කවුරුත් (බිරිඳ හැර) කිහිල්ල බලන්නේ නැත.මෙය පාලන තන්ත්‍රයක බුද්ධිමත් භාවයයි.නැතිකල යුත්තේ වරද මිස පුද්ගලයා නොව මෙහි යටි අරුතයි.
එසේම නැවත සොරකම් කර හසුවුවහොත් හෝ සැකයක් ඇත්නම් කිහිල්ල පරීක්ෂා කිරීමෙන් ඒ බව තහවුරු කර ගත හැක.( සුද්දාගෙ ඇඟිලි සළකුණු ක්‍රමයට පෙර අපේ ක්රමයක්).මෙම දඩුවම් වලදී නායකයා රජුයි.ඔහුගේ අණ නොවරදවා ක්රියාත්මක විය.එසේ නොපිළිපැදීමේ දඩුවම ගිනියම් කල යකඩ පාවහන් මත සිටුවීමයි.එසේම මෙම ප්රදේශය තුල මිනිමැරුමක් බරපතල අපරාදයක් කොට සොරකමක් සිදුකලහොත් දඬුවම මරණයයි.එයද හොඳින් විභාග කොට ,පසු ප්රයෝජනයට ගත හැකි සාක්ෂි සටහන් කොට තබා,ඔප්පු වූ පසු මිනිමැරුමට අදාලව මරණ දඩුවම දිය හැක. එය ගෙල සිඳීම, උල තැබීම, දෙකඩ වන සේ පැලීම ආදී විය හැකියි.නමුත් සැලකිය යුතුයි !මෙම දඬුවම් දීම සැක කල පමණින් හෝ චෝදනාවක් එල්ලවූ පමණින් කළ නොහැක.එහිදී හොඳින් යුක්තිය පසිඳලිය යුතුය.ලැබෙන සාක්ෂි මත අදාල චුදිතයා වරද කල බවට ඔප්පු කල යුතුය.එසේ ඔප්පු කිරීමට සාක්ෂි සටහන් තබා වාර්තා සැපයිය යුතුය.මෙයින් අදාල දඩුවම පිලිබඳ පසු විපරමක් කල බවද පෙනේ.යම් වරදක් වූවා නම් යුක්තිය පසිඳලූ තැනැත්තා දඬුවම් ලැබිය යුතුය.මෙය නීතියේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමයි .මෙවන්වූ අපූරු නීති රැසකින් සම්පාදිත වේවැල්කැටිය පුවරු ලිපිය,යහපත් සමාජයක් හා වැරදි සිදුවීම වැලැක්වීම හා එම වැරදි සඳහා දඬුවම් සේම, නීතිය ඉටුකරන්නන්ගේ අත්තනෝමතික දඬවම් වලටද දඬුවම් ලබාදෙන ,අපූරු උදාහරණයකි. එසේම සැමට නීතිය සාධාරණව තිබිය යුතුය,එය යහපත් රජයක් සතු වගකීම හා පරම යුතුකම පෙන්වා දෙන අපූරු ඵෙතිහාසික සාක්ෂියක්ද වන්නේය.සුද්දාගේ නීතියට ගරු කොට සලකන අප, අපට අනන්‍යවූ ,සුද්දාගේ නීතියට වඩා බලසම්පන්න නීති පද්ධතියක් පැවති බව නොසිතීම කනගාටුවට කරුණකි.