මහසෝනා යෝධයා:-
වර්තමාන අම්පාර මල්වතු ප්‍රදේශයේ උතුරු කරවිට ගම්මානයේ වැදගත් පුද්ගලයෙකි වූ තිස්ස හට පුතුන් අට දෙනෙක් සිටි අතර, බාලයා සෝනා ලෙස නම් කරන ලදී. මහා සිංහල වංශකථාවට අනුව මෙම දරුවා හැඳින්වූයේ කූඩා සෝනා යනුවෙනි.
කුඩා සෝනා කුඩා කාලයේ සිටම අසාමාන්‍ය ශක්තියක් පෙන්නුම් කළ අතර වයස අවුරුදු හත වන විට ඔහුගේ උසින් පිහිටි තල් ගස් පහසුවෙන් මුලිනුපුටා දැමිය හැකිය. අවුරුදු දහයේදී ඔහු දැවැන්ත තල් ගස් මුලිනුපුටා දැමීය.ඔහුට වයස අවුරුදු 16 ක් පමණ වන විට කුඩා සෝනා දැවැන්ත පොල් හා තල් ගස් උදුරා දමා මෙම දැවැන්ත ගස් උරහිස මතට ගෙන යමින් සිටියේය. සෝනාගේ ශක්තිය අලි දහයක ශක්තියට සමාන බව කියනු ලැබේ.කුඩා සෝනාගේ බලවත් ක්‍රියා දැක ගම්වාසීන් ඔහුගේ නම මහසෝනා (මහා සෝනා) ලෙස වෙනස් කර නම තැබීය.
යෞවනයෙකු ලෙස මහසෝනා ශක්තිමත් හා කඩවසම් විය. මහසෝනාගේ ශක්තිය අලි 10 දෙනෙකුගේ ශක්තියට සමාන බව බොහෝ ලේඛනවල සටහන් වේ.කාවන්තිස්ස රජු මෙම යෝධයාගේ බලවත් ක්‍රියා ගැන අසා රාජකීය මාළිගාවට කැඳවීය. රජතුමා මහසෝනාට සහ ඔහුගේ දෙමව්පියන්ට ඉඩම් සහ වෙනත් තෑගි ලබා දුන්නේය.මහසෝනාට රුහුන රාජධානියේ මගුල් මහා වීදියේ විශාල නිවසක් ද බොහෝ සේවකයින් ද ලබා දෙන ලදී.
කාවන්තිස්සා රජ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මහසෝනා රටේ සාමය හා ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය රණශූර යෝධයකු බවත් මහසෝනාට දුටුගුමුනු කුමරුට සමීපව සිටින ලෙස නියෝග කළ බවත්ය.
මහා ගැමුනු එලාරා සටනේදී මහසෝනා නිර්භීතව හා දරුණු ලෙස සටන් කළ අතර දුටුගැමුනු රජු සමඟ සමීපව සිටියේය.
ඔහු ඉතා උස යකඩ පවුරක් කඩා නගරයට ඇතුළු විය. ඔහු තමා මුලිනුපුටා දැමූ දැවැන්ත ගසකින් සතුරු සොල්දාදුවන්ට පහර දුන්නේය.
විජිතපුර ජය ගැනීමට දුටුගැමුනු රජුට උදව් කිරීමෙන් පසු මහසෝනා ගිරි නුවර සහ මාගල්පුර දිනා ගැනීම සඳහාද රජුට සහය දුන්නේය.
සමස්තයක් ලෙස ගත් කල, රට එක්සත් කිරීම සඳහා දුටුගුමුනු රජු කළ සටන්වලදී මහසෝනා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.
ඛන්ඡදේව යෝධයා:-
මහේන්ද්‍ර දෝණි ගමේ “අභය” නම් ගැමි නායකයාගේ පුතා ඛන්ඡදේව විය .ඛන්ඡදේවගේ මුල් නම “දේව” ලෙසයි සඳහන් වන්නේ. උපතින්ම ඔහුගේ කකුලේ තිබුණු පොඩි කොරයක් නිසාවෙන් පස්සේ කාලයක ඔහුගේ නම “ඛන්ඡදේව” ලෙසට මිනිසුන් අතර ප්‍රසිද්ධ විය. උපතින්ම කකුලේ කොරයක් තිබුණත් වේගයෙන් දුවන්න පුළුවන් හැකියාවක් ඔහුට තිබුනා.ඒ නිසාම ඔහු දඩයමට වැඩි කැමැත්තක් දක්වන්න පෙළඹුන. ඛන්ඡදේව දඩයම් කරන්නෙ අනෙක් අය දඩයම් කරන අයුරට වෙනස් අයුරකිනි.ඔහු හාවුන් මුවන් ගෝනුන් පස්සේ හඹා යමින් කකුල් හතරෙන් අල්ලලා කරකවලා පොළොවට අත්හැරීමක් මගින් දඩයම් කිරීම තමයි ඔහුගේ විශේෂත්වය වුයේ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සේනාවට කඩු හරඹ පුරුදු පුහුණු කළේ ඛන්ඡදේව ලෙසයි සැලකෙන්නේ. ඒ තරමටම ඔහු කඩු ශිල්පයට දක්ෂ අයෙකු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
විජිත පුර සටනේදී ඛඤ්ජදේව යෝධයා සතුරන්ගේ කකුල් දෙකින් අල්ලා හිස වට කරකවා ඈතට විසි කල බවට ඉතිහාසයේ සදහන් වෙනවා. සටන අවසන් වීමෙන් පස්සේ පින් දහම් කරමින් බොහෝම දැහැමි දිවි පෙවෙතක් ගෙවූ ඛඤ්ජදේව යෝධයා මරණින් පසු දෙව්ලොව උපන් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා.
ථේරපුත්තාභය යෝධයා:-
කොටගල අසල කිත්ති නමැති ගමෙහි වාසය කළ රෝහණ නමැති ඉසුරුමත් පවුලකට දාව උපන් පුත්‍රයාට අභය කුමාරයා යැයි නම තැබුවා. වයස අවුරුදු දහය දොළහ වෙද්දී ඒ දරුවා මහා බලසම්පන්න කෙනෙකු වුයේ සතරපස් දෙනෙකුටවත් ඔසොවන්ට බැරි ගල් රැගෙන සෙල්ලම් කරමින් ඒ ගල් වීසි කළේය.
අභය කුමාරයා වයස අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවා දුන්නේය. එය රියන් දහසයක් දිගින් සහ අඟල් තිස් අටක වටයෙන් යුක්ත වූ බව සැලකෙනවා.ඔහු ඒ විශාල මුගුරෙන් තල් ගස්වල, පොල් ගස්වල කඳට ගසා ඒ ගස් බිම හෙළයි. එයින් ම ඒ අභය යෝධයා ක අතරත් ප්‍රසිද්ධ විය.
අභය යෝධයාගේ පියා මහාසුම්ම රහතන් වහන්සේගේ උපස්ථායකයෙකි. දිනක් ඒ රෝහණ නමැති අභය යෝධයාගේ පියා කොටගල විහාරයෙහිදී මහාසුම්ම මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්විය.ඔහු සසර ගමන කෙරෙහි අවබෝධයෙන්ම කළකිරී රජුට සැළකොට තම පුත්‍රයාට පවුලේ ධනය භාරදී මහාසුම්ම තෙරුන් සමීපයෙහි පැවිදි වූයේය.පැවිදි වූ පසු භාවනානුයෝගීව වාසය කොට උතුම් රහත් ඵලයට පත්වූයේය. අභයට “තෙරුන්ගේ පුතා” කියන අපූරු අදහසින් “ථේරපුත්තාභය” කියලා නම වැටෙන්නේ එහෙයිනි.
විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කරන්නට විය. ථේරපුත්ත හාමුදුරුවෝ මහණ වුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවේ ඉන්න කාලේ පාවිච්චි කරපු කඩුව දිහා බලාගෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය මෙනෙහි කරලා රහත් ඵලයට පත් වු බවට පැරණි ජන ශ්‍රැතියක් ඇත.
වරක් (ගැමුණු කුමරුන් බැහැ දැකීමට) මාගම බලා යමින් සිටි ගෝඨයිම්බර යෝධයා මෙම විහාරයේ පිහිටි පොල්වත්තෙන් කුරුම්බා කඩා බි විහාර බිම අපවිත්‍ර කොට ඇත. එවිට ථේරපුත්තාභය සාමණේර හිමි වම් පස ඇඟිලි දෙකකින් ගෝඨයිම්බර යෝධයාගේ පය ඩැහැගෙන මිදුලේ ඇදගෙන ගොස් තිබේ.
විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කලා. සටනින් පසුව සියලුම තනතුරු හා තෑගි බෝග ප්‍රතික්ෂේප කල ථේරපුත්තාභය යෝධයා නැවත මහණ වී රහත් බවට පත්වුණා.
මහා භරණ:-
කපුකදුරු ගමේ උපන් මෙම කුමාරයට උපන් දිනයේම ඔහුගේ පියාණන්ට නිධානයක් ලැබුණු හෙයින් ඔහු භරණ ලෙසින් නම් දරන්නට වුණා .හිතාගන්න බැරි තරමේ කායශක්තියක් ඉතා කුඩා කාලයේ සිටම මේ භරණ නැත්නම් මහා භරණට තිබුණා. සාවුන් පසුපස්සේ හඹා ගොස් පයින් ගසා මරා දැමීමට ඔහුට තිබුණේ අසීමිත හැකියාවක්. මුවන්ගේ දෙකකුලින් ඔසවා පොළොවේ ගසන්නට තරම් ඔහු හපනෙක් වුණා. ගමේ තිබුණ කුඹුරු වල් ඌරන්ගෙන් බේරා ගැනීමට මහා භරණ යෝධයා තනිවම රැකගෙන සිට එන එන ඌරන් කරකවමින් පොළවේ ගසා මරන්නට වුණා.
ඔහුගේ මම දස්කම් පිළිබද දැනගත් කාවන්තිස්ස රජතුමා ඔහුගේ කායශක්තිය කොපමණද කියා විමසා බලන්නට හීලෑ නොවූ දරුණු අශ්වයෙකු පෙන්වා ඌ බැද දමන්නැයි මහා භරණට අණ කලා. අසු ඔහු ලංවෙත්ම ඉක්මනින් ඉවතට දිව ගියා. මහා භරණ අශ්වයා පසුපස පන්නා ඌ මෙල්ල කොට ගස් බැද ඇත.
විජිත පුර සටනේදී මහා භරණගෙන් වුන සේවය අතිමහත්. සටනේදී ඔහු එළාර රජුගේ අශ්වයන් මරා දැම්මා.ඔහුගේ අශ්ව ගාල විනාශ කර දැමුවා. රජුගේ ජයග්‍රහණය පිටුපස මහා භරණද සුවිශේෂි ස්ථානයක් ගනු ලැබුවා.
No comments:
Post a Comment