ගෝඨයිම්බර යෝධයා:-
මහානාගගේ හත්වන සහ බාල පුත්‍රයා වන ගෝතයිම්බර උපත ලැබුවේ ගිරි කලාපයේ නිතුලාවිතිකා ගම්මානයේ ලංකාවේ බටහිර පළාතේ ගෝඩිගමුව ය.ඔහු ඉතාම මිටියි.ඒ නිසා වැඩිමල් සොහොයුරෝ ඔහුට "ගෝඨයා" නමින් උසුළු-විසුළු කරන්නට වුණා.උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත් කාය ශක්තිය අතින් නම් ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට සමත් වුණා.ඔහුට තිබුණේ අලස ගතිගුණ. එම නිසාම ඔහුගේ සහෝදරයින් මවට චෝදනා කළේ ගෝඨ කිසිදු ගොවිතැන් වැඩකට සහාය නොවන බව කියමින්. එලෙස සිය සහෝදරයන් කළ චෝදනාවෙන් ලැජ්ජාවට පත් ගෝඨ, පසුදින උදෑසනින්ම හේනට ගොස් සිය සහෝදරයන් දින ගණනාවක් කළ වැඩ එක දවසින් නිම කළ නිවසට පැමිණියා. එදා ගෝඨ කළ දස්කම අසා කාවන්තිස්ස රජු ඔහුව මාළිගාවට කැඳවනු ලැබුවා.
ඔහු දුටුගමුනු රජුගේ හමුදාවට බැඳුණු විට දුටුගමුනු රජු යුද්ධය ජයගත් විට බෞද්ධ විහාරස්ථානයක් ඉදිකරන බවට පොරොන්දු විය. පසුව, තම භාරය ඉටු කරමින්, දෙවිවරුන්ගේ තෘප්තිය යන අර්ථය ඇති දේවානන්දාරාම විහාරය ඉදි කළේය.
විජිතපුර සටනේදී ඔහුගේ කර්තව්‍යය වූයේ විජිතපුර බලකොටුවේ ඉහළ බලකොටුවල බිත්තිවලට පහර දී කඩා බිඳ දැමීමට ඇත්දළ කණ්ඩුල දිරිමත් කිරීමයි.
සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට පහර පිට පහර එල්ල කල බවත් වංශ කතා වල සඳහන් වෙනවා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ලැබුණා .
ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා ආරූඩ වුණා.ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා. සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ. ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ. එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව රහත් බව ලබා ගත් බව සඳහන් වෙනවා.
ඵුස්සදේව යෝධයා:-
සිතුල්පව්ව විහාරය අසල ගොඩිගමුව නම් ගම, ඵුස්සදේව යෝධයාගේ උපන් ගම යි.ඔහුගේ පියාගේ නම උත්පලය. ඔහු ධනවත් වංශවත් පුද්ගලයෙකි. දිනක් ගමේ පන්සලේ බෝධිය අසල තිබුණු හක්ගෙඩියක් දුටු ඵුස්සදේව, එය රැගෙන පිම්බ විට විශාල හඬක් නැඟුණා. ඉන් නැඟුණු හඬට මිනිසුන් මෙන්ම වනයේ සිටි සත්ත්වයෝ ද භියට පත් වුණු බව සඳහන් වනවා. එබැවින් ඔහු "උන්මාද ඵුස්සදේව" නමින් ප්‍රසිද්ධ විය.
මේ දස්කම් ගැන කාවන්තිස්ස රජතුමාට ආරංචි වුණු නිසා ඔහුව සිය සේනාවට බඳවා ගනු ලැබුවා. එළාර සමග කළ සටනේ දී හක්ගෙඩියෙන් පිඹ ප්‍රතිවාදී සේනා භිය ගැන්වූ ඵුස්සදේව, දුනු ශිල්පයටත් හපන්කම් පෑවා.
. දුටුගැමුණු එළාර යුද්ධයේදී හක්ගෙඩිය පිඹ ඇත්තේ මේ ඵුස්සදේව විසිනුයි.විජිතපුර සටනේ දී අහස ගුගුරුවා යන හඩින් සක් පිඹිම නිසා සතුරු සේනාව පලා ගිය බව සඳහන් වනවා.
ඵුස්සදේවට ශබ්දයට අනුවත් , විදුලි කොටන එළියෙනුත්, අස් ලෝමයෙකින් බටු ගෙඩියක් එල්ලා ඒ අස් ලෝමයටත් ,වැලි පිරවූ ගැලක් සිදුරු වෙන්නටත්, ඒ වගේ ම සම් සීයකින් ඔතන ලද දේත් සිදුරු වෙන්ට ඊයෙන් විදින්ට තරම් හැකියාවක් තිබු බව මහාවංශයේ සඳහන් වෙනවා.
දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දස මහා යෝධයින්ට ගම්වර ප්‍රදානය කරන ලදි. එහිදී මොණරාගල - මාලිගාවිල ප්‍රදේශයෙ වූ පුස්සදේව ට හිමිවූයේ පල්ලේ බැද්ද අක්කර 12000ක භූමි ප්‍රමාණයක් ගම්වරයක් ලෙස පුදන ලදී.
ගැමුනු රජුට ජය ලබා දීම වෙනුවෙන් ඒ හක්ගෙඩිය තැන්පත් කර මේ ලෙන් විහරය කරවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා .එසේම, ඵුස්සදේව යෝධයාගේ සොහොනත් සංඛපාල විහාරය අසල ම පිහිටා තිබෙනවා. හක් ගෙඩියට පාලි භාෂාවෙන් කියන්නේ සංඛ කියලා . සකක් තැම්පත් කර කරවූ විහාරය යන අරුත ඇතිව සංඛපාල විහාරය ලෙස නම් කල බවයි ඉතිහාසයේ තියෙන්නේ. පුස්සදේව යෝධයා ගැමුනු රජුට ජය ලබා දුන් ඒදක්‍ෂිණාවෘත ජය සංඛය අදත් හක්ගෙඩි ගල නම් පර්වතය පතුලේ තැන්පත් කරවලා තියෙනවා. මීට අමතරව ඔහුගේ ජය සංකේතය වශයෙන් පැවැති හක් ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරය පිහිටි ගල්ලෙනේ කොටා තිබෙනු දැකගන්නට ලැබේ.
පුස්සදේව යෝධයා හා බැඳුනු තවත් රසබර කතාවක් වන්නේ සටනේදී භල්ලුක ගේ විවර වන මුව තුළට පිවිසෙන්නට විදි හීය පියාඹා ගියේ රජු ගේ දක්‍ෂිණ කුණ්ඩලාභරණයේ වැදී එය කඩතොළු කරමිනි.භල්ලුකයා ගේ උගුර පසා කරගෙන ගිය හීය එහා කොණින් මතුවිණ. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් රණබිම මත වැටිණ. සංග‍්‍රාම භූමියේ දස අතින් ජය නද පැතිරෙන්නට විනද ඵුස්සදේව යෝධයා මහත් කම්පනයකට පත්ව සිටි බවක් පෙනිණ. ඔහු නිරිඳු ගේ කුණ්ඩලාභරණය කඩතොළුව කැපී යෑම ගැන ශෝක වී තමා ගේ ම කන් වැල සූරා රුහිරය ගෙන රජුට පෑවේ ය. ඊට හේතුව රජු විචාල කල්හි යෝධයා කීවේ භල්ලුකයාට විදි හීය රජු ගේ මිණිකොඬොලේ ගෑවුණු නිසා තමා ම තමාට දඬුවම් කර ගත් බවකි.
එවිට නිරිඳු කරුණාවෙන් බරිත ව මේ වචන කීයේ ආයාසයෙනි. ”මලණුවනි,” (රජ කෙනකු තමා ගේ සේවක යෝධයකුට මෙසේ ආමන්ත‍්‍රණය කළ ඉතිහාසයේ කිසිම අවස්ථාවක් නැත.) ඔබ නිදොස දොසක් ලෙස ගෙන ඇත්තේ කුමට ද? ඔබ මගේ දිවි බේරා ගත්තේ මින් බොහෝ කලෙකට පෙර ය. වරෙක දඟ අශ්වයකු පිට මා වැටෙන්නට යන විට ඔබ ඌ හීලෑ කරගෙන මා බේරා ගත්තේ ය. එසේ අතීත කතාවක් ද කියමින් යෝධයා අස්වැසූ ඒ නිරිඳු යෝධයා විදි හීය ගෙන්වා තමා ඉදිරියට පමුණුවන්නැ යි සේවකයනට අණ කෙළේ ය. එය මහ පොළොවේ ඍජු ව සිටුවා ඒ හීය වැසෙන තුරු කහවණු වගුරුවා ඒ කහවණු කන්ද යෝධයාට පරිත්‍යාග කෙළේ ය.
ලභියවසභ:-
රුහුණේ පිහිටි විහාරවාපී නම් ගම්මානයේ ලභියවසභ නම් තරුණයෙක් වාසය කළා. ලභිය වසභගේ පියාගේ නම මත්ත ඔහු පන්සිල් රැකි බලයෙන් අතිශය රූප සම්පන්නය.කුඩා කල සිටම ඉතාමත් කඩවසම් සිරුරක් ඇති නිසා "ලභිය වසභ" නමින් ඔහු ප්‍රසිද්ධ විය. සියළු යෝධයන්ගෙන් වඩාත්ම කඩවසම් තැනැත්තා මොහු විය.
මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්‍රව පැවතිප්‍රදේශයක්.ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා. එම නිසාම ගොවිතැනින් ජීවත් වුණු එම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවට පත් වුණා. එලෙස සිය ගමේ ජනතාව අසරණව සිටි අවස්ථාවේ ඔවුන්ට පිහිට වුණු ලභියවසභ මිතුරන් සමග එක්ව වැවක් කැපීමට පටන් ගත්තා. එම කාර්යය සිදුවන අතරතුර ලභියවසභගේ මිතුරන් වෙහෙසට පත් වුණත් ලභියවසභ වෙහෙසට පත් වුණේ නැහැ. දහ දොළොස් පුද්ගලයන් ඉසිලිය යුතු පස් ගොඩවල් තනියම ඔසවමින් ඔහු ඉක්මනින් ම වැවේ වැඩ සම්පූර්ණ කළා.වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට “වසභෝද කවාර ලෙසත් වැව වසභ ලෙසත් නමින් නම් කලා.එදා ලභියවසභගේ හපන්කම් ගැන කාවන්තිස්ස රජතුමාටත් ආරංචි වුණා. ඉන්පසුව කාවන්තිස්ස රජතුමා, ඔහුව සිය සේනාවට එකතු කර ගත්තා. එලෙස සේනාවට එක් වුණු ලභියවසභ යෝධයාට කඩු සහ දුනු ශිල්ප පුරුදු කළා යැයි සැලකෙන්නේ වේළුසුමන යෝධයා විසින්.
_ harilesi.com_
No comments:
Post a Comment