Thursday, November 28, 2019

හිරු නැගෙන දේශය -සුන්දර ජපානය


හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.


පළාත් 47කට බෙදා තිබේ.භූගෝලීය හා ඓතිහාසික කරුණු සලකා බලා මේ
පළාත් 47ප්‍රදේශ 9කට බෙදේ. මේවා හොක්කයිදෝ, තෝහොකු,කන්තෝ,චුබු,කින්කි,චුගොකු,ෂිකොකු,කියුෂු, සහ ඔකිනවා වේ.මේ එක් එක් පළාතකට අවේනික වූ ප්‍රාදේශීය භාෂාවක්, සිරිත් වීරිත් සංස්කෘතියක් ද තිබේ.නිදර්ශනයක් වශයෙන් තෝකියෝ නගරය ඇතලත් වන කන්තෝ ප්‍රදේශයේත් ඔසාකා නගරය තිබෙන කන්සයි ප්‍රදේශයේත් ආහාර පාන සිරිත් විරිත් හාත් පස වෙනස් නිසා ඒවා සසදා බලා විනෝද වීම සමහරුන්ගේ සිරිතයි.ජපානයේ පුර්ණ ජනගහනය මිලියන  128කි.මෙය ලෝක ජනගහයන අතුරින් දසවන්නය.ජපානයේ භුමි ප්‍රමාණයෙන් 70% ක් කදුකර ප්‍රදේශය බැවින් ඉතිරි 30% තැනිතලා ප්‍රදේශයි.

මිලියනකට වඩා වැඩි ජනගහනයක් ජිවත් වන ප්‍රාදේශීය නගරයනම් හොක්කයිදෝ හි සප්පොරෝ, තෝහොකු  හි සෙන්ද්‍රයි, කන්තෝ කලාපයේ කවාසකි,සියිතමා තොකිටෝ හා යොකොහමා, චුබු ප්‍රදේශයේ නගොයා, කින්කි පළාතේ ඔසකා, කියෝතෝ හා කෝබේ,චුගොකු පළාතේ හිරෝෂිමා, හා කියුෂු හි ෆුකුඔකා යි. ජපානයේ ප්‍රධාන නගරය වන තෝකියෝ සෑම අංශයකම ප්‍රධාන මධ්‍යස්ථානය වුවද, ඒ ඒ ප්‍රදේශ වල ප්‍රධාන  නගර, ප්‍රාදේශීය දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස කටයුතු කරයි.

ජපන් සංස්කෘතිය

ජපානයේ ඇඳුම් පැළඳුම්  ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම වන්නේ කිමො‍නාවයි. ගැහැණු පිරිමි දෙපිරිසම මෙම කිමොනොව භාවිතා කරයි. විවාහක කාන්තාවන් තොමෙසොදෙ යනුවෙන් හඳුන්වනු ලබන කිමොනො වර්ගය
අඳිනු ලබයි. එහි අත කොටස කෙටි වන අතර අවිවාහක කාන්තාවන් ෆුරිසොදෙ යනුවෙන් හඳුන්වනු ලබන අත කොටස දිග කිමොනො වර්ගයද අඳිනු ලබයි.


පිරිමින් සාම්ප්‍රදායික කිමොනාව අදිනු ලබයි. කිමොනොව ඇඳ තබි යනුවෙන් හඳුන්වන මේස් කුට්ටම පැළඳ සෝරි (Zouri) යනුවෙන් හඳුන්වන පාවහන් පළඳිනු ලබයි.කිමොනොව ඇඳීමට අපහසු නිසා වර්තමානයේදී එය විශේෂ උත්සව අවස්ථාවන් වලදී පමණක්  භාවිතයට ගනු ලබයි.
    
   උදා : තේ සාද, විවාහ මංගල උත්සව කිමොනොව ඇඳීම අපහසු නිසා යුකත යනුවෙන් හඳුන්වන කිමොනොව හා සමාන ඇඳුමක් ඔවුන් භාවිතා කරයි. එය ඇඳිමට පහසු වන අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂම මෙය භාවිතා කරයි. වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාවත් සමඟ ජපන් කාන්තාවන් බටහිර පන්නයේ ඇඳුම් පැළඳුම් අඳින අතර පිරිමි අයද කලිසම කමිසය වැනි බටහිර පන්නයේ ඇඳුම් වල‍ට හුරු වී තිබේ.

නිවාස

ජපානය යනු භූ චලන සුළිසුළං අධික රටකි. මේ නිසා මේවාට ඔරොත්තු දීමට ජපානයේ නිවාස සෑදිමට ජපන්
ජාතිකයන්ට සිදු වේ. මේ නිසා ඔවුන් නිවාස කුඩාවට සාදන අතර ලී වලින් සාදනු ලබයි.ජපන් නිවාස වලට ඇතුළ් වන ස්ථානය "ගෙන්කන්" ලෙස හඳුන්වන අතර මෙම ස්ථානයේ පාවහන් ගළවා තබයි. නිවස තුළදී වෙනත් පාවහන් භාවිතා කරනු ලබ‍යි. මෙම ස්ථානය පොළව මට්ටමට වඩා උසින් සාදනු ලබන්නේ පිටත පවතින දූවිලි සහ වෙනත් අපිරිසිදු දේ නිවස තුළට ඒම වැළැක්වීම සඳහායි.

ජපන් පන්නයේ කාමර 


ජපන් නිවාස වල ජපන් පන්නයේ කාමර හා බටහිර පන්නයේ කාමර දක්නට ලැබේ. ජපන් පන්නයේ කාමර වලට තතමි එළනු ලැබේ. එකම කාමරය දහවල් කාලයේ ආහාර ගැනීමට හා වෙනත් වැඩ සඳහා යොදා ගන්නා අතර රාත්‍රියට ෆුතොන් එළා නිදන කාමරය ලෙස භාවිතයට ගනී.  ජපන් පන්නයේ කාමර
වල එක් පැත්තකට වන්නට තොකොනොමා යන ස්ථානය දක්නට ලැබේ. එය පොළොව මට්ටමට වඩා උස වන අතර අමුත්තන් පැමිණි විට සංග්‍රහ කරනු ලබන්නේ තොකොනොමා අසළම ස්ථානයකි. එහි අලංකාරය
සඳහා කකෙජිකු එල්ලා ඉකෙබනා මල් සැරසිල්ලක් එල්ලනු ලබයි. ජපන් පන්නයේ කාමර වල ගෘහ භාණ්ඩ එතරම් දක්නට නොලැබේ. 

ආහාර ගැනීම සඳහා කුඩා මේසයක් දක්නට ලැබේ ජපන් ජාතිකයින් බිම වාඩි වී ආහාර ගන්නා නිසා පුටු භාවිතා නොකරයි. ජපන් ජන්නයේ කාමර වල ෆුසුම නම් වූ දොරවල් භාවිතා කරන අතර ජනේල සඳහා ශෝජි නම් වූ කඩදාසි භාවිතා කරයි. ඔෂිඉරෙ යනුවෙන් හඳුන්වනු ලබන බිත්ති වල‍ටම සවි කරන ලද කබඩ් දක්නට ලැබේ.

ජපන් නිවාස වල තවත් විශේෂ අංගයක් ලෙස ඔෆුරො හැදින්වීමට හැකිය. ඔෆුරො යනු බටහිර රටවල් වල නාන බේසමකට සමාන විශාල බේසමකි. උණු ජලය පුරවා තිබෙන මෙම තටාකයට පවුලේ සියලු දෙනාම එකවර බසිනු ලැබේ. ජපන් ජාතිකයන් මෙය එදිනෙදා ජීවිතයේ කරනු ලබන අනිවාර්ය අංගයකි. රාත්‍රී ආහාරයට පෙර හෝ පසුව ඔෆුරො තුළට බැසීම අනිවාර්ය අංගයකි. මේ තුළින් දවස තුළ වූ වෙහෙස නිවා ගැනීමට හැකි වේ.

කළාව

ජපානයේ සම්ප්‍රදායික සන්ස්කෘතිකක නාට්‍යය සදහා විශේෂ වැදගත්කමක් හිමි වේ. සම්ප්‍රදායික නාට්‍යය අතර කබුකි, නෝ,ක්යෝගෙන්  හා බුන්කුර වේ.  17 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ආරම්භ වූ කබුකි නාට්‍ය ,රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ කතා විලාශය, නෙත් ඇදගන්නා සුළු ඇදුම් ආයිත්තම් හා රුපලාවන්‍ය උපක්‍රම මෙන්ම වේදිකාවේ  රංගනය තීව්‍ර කිරීමට යොදා  ගන්නා
කාර්මික ක්‍රමොපයන්ගෙන්ද  සමන්විත් වන අතර මෙහි
විශේෂත්වය වන්නේ ගැහැණු චරිත පවා පිරිමි අය රග දැක්වීමයි.

නෝ නාට්‍ය  පැරණිම සංගීත නාටක ක්‍රමයක් වන අතර නාට්‍ය සදහා දෙබස් පමණක් නොව ගායනය,
සංගීතය නැටුම් ද ඇතුලත් වේ. මේ නාට්‍යවල දි වෙස් මුහුණු පැලදීම විශේෂත්වය වේ.


 ක්යෝගන් සම්ප්‍රදායික විකට නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යවල ක්‍රියා හා දෙබස් විශේෂ ශෛලියකට අනුව රග දැක්වේ. නෝ නාට්‍ය අතරතුර මේ නාට්‍ය  රග දැක්වුවත් දැන් දැන්
ක්යෝගන් නාට්‍ය පමණක් ප්‍රදර්ශනය කරන අවස්ථාද තිබේ. බුන්කුර  16 වන ශත වර්ෂයේ අග භාගයේ ජනප්‍රිය වූ රුකඩ නාට්‍ය විශේෂයකි.

ශතවර්ෂ 7ක් පමණ කාලයක් තුල විකාශය වූ ජපන් භාෂාවෙන්‘’ඉකෙබානා’’ ලෙස හැදින්වෙන අතර ආරම්භය පැරණි බෞද්ධ මල් පුජා කිරීමේ සිරිත හා බැදී  ඇත. ඉකෙ (ike) යනුවෙන් “ජීවමාන” හෝ “පිළියෙල කරනවා” යන අරුතත් ‘බානා’ (bana) යන්නෙන් ‘මල්’ යන්නත් අදහස් වනවා .ජපන් සංස්කෘතියට ආවේණික වූ මෙම මල් කලාව සඳහා මල් පොහොට්ටුවේ සිට වියළි පත්‍ර දක්වා වූ කොටස් භාවිතයට ගනු ලබනවා. මේ ආකාරයට මෙවැනි කොටස් තෝරා ගැනීම මඟින් ජිවිතයේ බාල, තරුණ මෙන්ම මහළු යන ත්‍රිත්ව සංකල්පයන් ගම්‍යමාන වනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන තවත් මතවාදයක් වන්නේ ඉකෙබානා මල් සැරසිලි මඟින් නැතිනම් කලාව මඟින් පවුල නමැති සංකල්පය විදහා දක්වන බවයි. ජපානයේ තිබෙන්නා වූ සමාජ ක්‍රමය ගැන සඳහන් කරන්නේ නම් එය පීතෘ මූලික සමාජයක් වන අතරම ඉකෙබානා මල් සැරසිලි සඳහා භාවිතා කරනු ලබන මල්, කොළ, හා බඳුන මඟින් පියා, මව හා දරුවා යන සංකල්පයන් අදහස් කරනු ලබනවා.

සදෝ (සාම්ප්‍රදායික ජපන් තේ පැන් කලාව)

සදෝ යනු සාම්ප්‍රදායික ජපන් තේ පැන් කලාවයි. ඉතාමත් සරළ නමුත් සාම්ප්‍රදායික ලෙස පවත්වනු ලබයි. තේ පිළියෙළ කිරීමේ සිට පානය කිරීම දක්වා ඉතා අලංකාර පිළිවෙත් අනුගමනය කරයි. තේ පානෝත්සවයට ආරාධනා ලබන්නේ දස දෙනෙක් පමණ පිරිසකි. පැමිණෙන අමුත්තන්ට ඉතා හොඳින් සංග්‍රහ කිරීම සඳහා මෙලෙස සීමිත පිරිසකට ආරාධනා කරනු ලබයි. මච්චා නමින් හඳුන්වන අමු තේ කොළවලින්  තේ සාදන පියවර කිහිපයකින් යුත් සංග්‍රහයකි. තේ පිළියෙළ කර ඉතා පැණි රස කැවිලි වර්ගයක් සමඟ තේ පානය කිරීමට දෙයි. . සදෝ මගින් ජිවිතයේ පරමාර්ථ මෙන්ම සොබාදහම අගයකිරීමද ප්‍රගුණ කෙරේ




ජපන් ආහාර රටාවටද විශේෂ වැදගත්කමක් හිමි වේ. සාමානයෙන්  ජපන් කෑම වේලකටම තැම්බූ සුදු බත් සමග ප්‍රධාන වශයෙන් මස් හෝ මාළු හා මිට අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසු එළවළු අඩංගු වේ. බත් ඇලෙනසුලු නිසා ‘‘හෂී’’ නම් ලී කෝටුවලින් කෑමට ගනු ලබයි.වර්තමාන ජපන් ජනයා යුරෝපය ,උතුරු ඇමෙරිකාව හා ආසියාව වැනි ලොව  පුර රටවල කෑම  වර්ග ආහාරයට ගනිති. කෑමට පෙර  ජපන් ජනයා ‘’ඉතදකිමසු’’ යයි කියනු ලැබේ. ‘’මේ කෑම පිලිගන්නවා’’ යන තේරුම ඇති මෙය, කෑම වේල සකස් කිරීමට එක් වූ සැමට ස්තුති කිරීමකි. කෑමෙන් පසුවත් ඉතා හොද කෑම වේලක් යන තේරුම ඇති ‘’ගොවිසෝ සමදෙශිතා’’කියා නැවත ස්තුති කරයි. සශුම් සුෂී තෙන්පුර ඔවුන්ගේ
ආහාර අතර ප්‍රධාන වේ.

සුමෝ

යනු ජපානයේ ජාතික ක්‍රීඩාවයි. දෙවියන් සතුටු කිරීම සදහා පවත්වන ලද උත්සවක් ලෙස ආරම්භ වූ මෙය වර්තමාන වන විට ක්‍රීඩාවක් බවට පත්ව තිබේ.ශින්තෝ ආගමට අනුව කෑම, අස්වැන්න ආදිය ලබා දෙන්නේ පොලවට අධිපති දෙවියන් සතුටට පත් වීමෙන් බවත් එනිසා දෙවියන් සතුටට පත් කිරීම සදහා මෙම ක්‍රීඩාව පවත්වයි. මුල් කාලයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය දෙවියන්ට ප්‍රදර්ශනය කිරීම සදහා ,මෙය පවත් වූ අතර පසු කාලයේ මෙය ක්‍රීඩාවක් බවට පත් විය. මෙම ක්‍රීඩාවේ අදියර 16ක් ඇති අතර අවසාන අදියරේදිනන පුද්ගලයා ශුරය බවට පත් වේ. ප්‍රබල ක්‍රීඩකයින් දිනීමෙන් දෙවියන්ගේ හිත සතුටට පත් වන බවත් .එවිට අස්වැන්න  වැඩියෙන් ලැබෙන බවත් ජපන් ජාතකයන් විශ්වාශ කරයි, 


ජපානයේ ළමයින් අවුරුදු 6වනවිට තම අධ්‍යාපනය ආරම්භ කරයි.
ජපානයේ පාසල් කොටස් තුනකට බෙදා තිබේ.                   

  1. ප්‍රාථමික පාසල
  2. මධ්‍යම පාසල
  3. උසස් පාසල
වසර 6ක් ප්‍රාථමික පාසලේ ඉගෙන ගනු ලබන අතර මධ්‍යම පාසලේ වසර 3ක් හා උසස් පාසලේ තවත් වසර 3ක් ඉගෙනුම ලබයි. මුළු කාලය වසර 12කි. ජපානයේ ළමයෙකුට අනිවාර්ය අධ්‍යාපන කාලය වසර 9කි. එනම් ප්‍රාථමික පාසල හා මධ්‍යම පාසලයි. ජපානය තුළ පොදු පාසල්, රජයේ පොදු පාසල් හා පෞද්ගලික පාසල් යනුවෙන් පාසල් වර්ග 3කි. ජපන් අධ්‍යාපනය ක්‍රමය තුළ දරුවෙකු පාසලේ මුල් වසර තුනක කාලය තුළ කිසිදු විභාගයට මුහුණ දෙන්නේ නැහැ. එම වසර කිහිපය තුළදී සිදු වන්නේ දරුවන් තුළ හොඳ පුරුදු ඇති කිරීම සහ පෞරුෂත්වය වර්ධනය කිරීමයි. එසේම අනෙක් අයට ගරු කිරීම මෙන්ම පරිසරයට සහ සතුන්ට ආදරය කිරීමට ඔවුන්ට කියා දෙනවා. මේ කාලය තුළදී ළමා මනසට ස්වයංපාලනය, සාධාරණත්වය  සහ අධිෂ්ඨානය වැනි ගතිගුණ ඇතුළු කිරීම සිදු වෙනවා. එසේම පරිත්‍යාගශීලී වීම, කරුණික බව සහ සානුකම්පිත වීම ඉගැන්වීම සිදු කරන්නේද මේ අවධිය තුළ යි.
 පොදු පාසල් වල අනිවාර්ය අධ්‍යාපන කාලය නොමිලේ ලබා දෙයි. පෞද්ගලික පාසල් මුළු පාසල් වාරය තුළදීම මුදල් ගෙවීම සිදු කළ යුතුය. මෙම පාසල් වල ඇතුළත් වීම සඳහා විභාග පවත්වනු ලබයි. පොදු පාසල් වල මෙම විභාගය පවත්වන්නේ නැත. වසර 12ක පාසල් කාලය නිම වීමෙන් පසුව විශ්ව වීද්‍යාලයට ඇතුළත් වී තමන් කැමති අංශයකින් ඉදිරියට යාමට හැකිවේ.

No comments:

Post a Comment