Thursday, December 12, 2019

නීතිගරුක පාලනයක් ගැන සඳහන් - වේවැල්කැටිය පුවරු ලිපිය.



අනුරාධපුරයේ සිට සැතපුම් 21ක් ඊසාන දිශාවෙන් එදා තිබූ වේවැල්කැටිය නම් වූ ගම්මානයෙන් සොයාගත් වේවැල්කැටිය පුවරු ලිපියද ඓතිහාසික අතින් වැදගත් වූ එකකි. මෙය අයත් බව සැලකෙන්නේ සිව්වැනි මහින්ද රජුගේ රාජ්‍ය සමය වූ ක්‍රි.ව. 1026-1042 යන කාල සමයටය. 1875 වර්ෂයේ ගෝල්ඩ්ස්‌මිත් මහතා විසින් ද 1883 වසරේ ආචාර්ය මූලර් මහතා විසින් ද 1891 වසරේ එච්. සී. පී. බෙල් මහතා විසින් ද මෙම ලිපිය පිළිබඳ අදහස්‌ ඉදිරිපත්කොට තිබේ. අනුරාධපුර යුගයට අයත් මෙම ශිලාලේඛනය පුවරු ලිපියකි. මෙම පුවරු ලිපිය තුළ සඳහන් වන්නේ දසගම නම් වූ ගම්මානය තුළ වූ නීති රීති සමුදායක් ගැනය. එදා රටේ තිබූ නීති රීතිද මේ ලිපියේ සඳහන් අතර එවකට තිබූ බිහිසුණු වූ දඬුවම් ක්‍රමවලට හොඳම සාක්ෂියද මෙම පුවරු ලිපියයි. එදා රටේ මරණීය දණ්ඩනය පවා ක්‍රියාත්මක වූ බව මෙහි පැහැදිලිව සඳහන් කර තිබේ.මෙම පුවරු ලිපියෙන් අපට, අප දැන් සාධාරණය සොයන නීති පද්ධතියට එහා ගිය දියුණු නීති පද්ධතියක් ආදී ශ්‍රී ලාංකිකයා සතුව පැවති බව පෙන්වා දෙයි.එහි සඳහන් නිශ්චිත දඬුවම් පද්ධතියක් මඟින් සැමට සෙත සැලසීමේ යහපත් පාලන තන්ත්‍රයක වටිනාකම මොනොවට පැහැදිලි කරයි.එකී දඬුවම "ගලේ කෙටූ අකුරක් " සේ නිශ්චිත බව එය පුවරුවක් මත කොටා ප්‍රදරශනය කිරීමෙන් , පාලන තන්ත්‍රයක පැවති පාරදෘශ්‍ය භාවය පෙන්නුම් කරයි.එය වගවීම පමණක් නොව නීතියේ පරමාධිපත්‍යයය මෙන්ම ජනතා සහබාගීත්වයද,රටක යහපාලනයකට අවශ්‍ය බව පෙන්වා දෙයි.එසේම මෙහි විශේෂත්වය වන්නේ,වරදට දඬුවම් ලැබීම සහ ,වරදකරුට දඬුවම් නොකිරීමට අදාලවද නීතිය ක්‍රියාත්මක වීමයි.එසේම වරදකරුට නොව වරදට අදාලව දඩුවම් දීමයි.මෙහි සඳහන් කරුණු අනුව,මෙය අනුරාධපුරයට අයත් පුවරු ලිපියක් බව සනාත කරයි,එසේම ඉතිහාසඥයන් ගේ පිළිගැනීම අනුව ,මෙම පාලන කාලය ,ක්‍රිව 1026-1042, IV මහින්ද රජුගේ පාලන සමයයි .මෙම ලිපියේ සඳහන් පරිදි මෙම නීතිමය ක්‍රියාදාමය බලපවත්නේ ,උතුරු අමිගම් කුලයෙහි,කිබිනිලම දසගම වාසීන්ටය.(කිබිනිලම ,වර්තමානයේ කනදරාව ගම්වසම හෝ කැඳෑකෝරළය විය හැකි බව කියයි). ඒ අනුව දසගමවාසීන් විසින් රාජ්‍ය නීති රීති ක්‍රියාවේ යොදවන ලදී. එය ඔවුන් විසින් කළයුත්තේ කෙසේ ද යන්න මෙම පුවරු ලිපිය මගින් මනා ලෙස කෙටුම්පත්කොට තිබේ. අපරාධ හා අයුක්‌තිය පිළිබඳව නීතිය පසඳලීම දසගම ඇත්තන් විසින් අනිවාර්යෙන්ම කළයුතු විය. එසේ නොවුන හොත් නායකත්වයටද අනිවාර්යයෙන් දඬුවම් ලැබෙන ආකාරයත් මෙහි සඳහන්ය. සෙල්ලිපිය එක්‌ එක්‌ වරදට අදාළව ඒ බව අවධාරණය කොට තිබේ.

ඒ අනුව මෙම ලිපියේ විශේෂත්වය වන්නේ වරදට දඩුවම් නියම කිරීම මෙන්ම වරදකරුට දඬුවම් නොකිරීමට අදාළව ද නීතිය ක්‍රියාත්මක වීමයි. ඊටත් වඩා සුවිශේෂී තත්ත්වයක්‌ වන්නේ වරදකරුට නොව වරදට අදාළව නීතිය ක්‍රියාත්මක වීමයි.පේලි 45 කින් යුතු මෙය දිගු පුවරු ලිපියකි.ගම් රාජකාරියේ අකාර්යක්ෂමතාවය දඬුවම් ලැබිය හැකි වරදකි.යම් ප්රාදේශීය සීමාවක් තුල මංකොල්ලයක් සිදුවීමෙන් පසු ,සොරුන් අල්ලා ගැනීමට ගම් නායකයන්ට ලැබෙන කාලය දින 45 කි. මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේදී චූදිතයාව කොටුකර ගැනීමේ කදිම උපාය ක්‍රමයකි. වරදකරුට, ගම්වැසියන් සියල්ලට හොරෙන් සැඟව සිටීම දුෂ්කරය.එම කාල සීමාව ඇතුලත අදාල ගම් දහයේ නායකයන්ට නොහැකි වුවහොත්,ගම් දහයේ ඒකකයෙන් කහවණු 125 රජයට ගෙවිය යුතුය.

ආයුධයකින් යමෙකුට තුවාල කළ අයෙකු අල්ලා ගැනීමට නොහැකි වුවහොත්,අදාල දස ගමෙන් රජයට රන්කහවණු 50 ක් අය කෙරිණි .මෙය යහ පාලන තන්ත්‍රයක් සේම,සිවිල් සමාජය සිය උපරිම දායකත්වය නීතියට දිය යුතු බව අවධාරණය කිරීමකි.එසේම අල්ලාගන්නා වරදකරුගෙන් අය කරන දඩ මුදල "පෙර සිරිත පරිදි" බෙදා ගැනීමට අදාල ගම්නායකයන්ට අවසර අැත.වරද කිරීම හා වරදට සහය දීමද සමාන දඬුවම් ලැබිය යුතු වරදකි.එහිදී රන් කහවණු 50 ක දඩය ගෙවිය නොහැකිව,රාජ සන්තක කරන්නට නිවසක් ද නැතිනම්,වරදකරුවන්ගේ අත්පා කපා දැමීමට (මා,අනුමත නොකලත්),දඩුවම් නියම වීම වැරදි කරන්නට බියවීම පෙන්වයි.කෘෂි ආර්ථිකයට පදනම වූ මී හරකුන් ,එළ හරකුන් ,එළුවන් වැනි සතුන් මැරීම ,දඬුවම් ලැබිය යුතු වරදකි.මොවුන්ව සොරකම් කිරීමට අදාල දඬුවම ,සොරුන් බව කිහිල්ලේ හන තබන දඬුවමයි.මෙයින් ,ඔහු සොරෙකු බව සෙසු අයට දැනගැනීමට සලස්වයි.දැන් ඔබට ප්‍රස්නයක් වෙන්නට ඇති ශරීරයේ වෙනත් හොඳින් පෙනෙන තැනක මෙය නොතැබුවේ ඇයිද යන කාරණය ඒ ද කලේ සිතාමතාමය.කෙනෙකු සිතාමතා කිහිල්ල පරීක්ෂා කරන්නෙ නැත,එම නිසා සිතාමතාම කරතොත් හැර වෙන කෙනෙකුට එම හනය පෙනෙන්නේ නැත.මෙය සිදුකිරීමට හේතුව,තමා කල වරද වටහා ගත්තෙකුට,වරදින් මිදීමට අවස්ථාවක් දීමය.ඔහු සොරකම් නොකරන තාක් කවුරුත් (බිරිඳ හැර) කිහිල්ල බලන්නේ නැත.මෙය පාලන තන්ත්‍රයක බුද්ධිමත් භාවයයි.නැතිකල යුත්තේ වරද මිස පුද්ගලයා නොව මෙහි යටි අරුතයි.

එසේම නැවත සොරකම් කර හසුවුවහොත් හෝ සැකයක් ඇත්නම් කිහිල්ල පරීක්ෂා කිරීමෙන් ඒ බව තහවුරු කර ගත හැක.( සුද්දාගෙ ඇඟිලි සළකුණු ක්‍රමයට පෙර අපේ ක්රමයක්).මෙම දඩුවම් වලදී නායකයා රජුයි.ඔහුගේ අණ නොවරදවා ක්රියාත්මක විය.එසේ නොපිළිපැදීමේ දඩුවම ගිනියම් කල යකඩ පාවහන් මත සිටුවීමයි.එසේම මෙම ප්රදේශය තුල මිනිමැරුමක් බරපතල අපරාදයක් කොට සොරකමක් සිදුකලහොත් දඬුවම මරණයයි.එයද හොඳින් විභාග කොට ,පසු ප්රයෝජනයට ගත හැකි සාක්ෂි සටහන් කොට තබා,ඔප්පු වූ පසු මිනිමැරුමට අදාලව මරණ දඩුවම දිය හැක. එය ගෙල සිඳීම, උල තැබීම, දෙකඩ වන සේ පැලීම ආදී විය හැකියි.නමුත් සැලකිය යුතුයි !මෙම දඬුවම් දීම සැක කල පමණින්  හෝ චෝදනාවක් එල්ලවූ පමණින් කළ නොහැක.එහිදී හොඳින් යුක්තිය පසිඳලිය යුතුය.ලැබෙන සාක්ෂි මත අදාල චුදිතයා වරද කල බවට ඔප්පු කල යුතුය.එසේ ඔප්පු කිරීමට සාක්ෂි සටහන් තබා වාර්තා සැපයිය යුතුය.මෙයින් අදාල දඩුවම පිලිබඳ පසු විපරමක් කල බවද පෙනේ.යම් වරදක් වූවා නම් යුක්තිය පසිඳලූ තැනැත්තා දඬුවම් ලැබිය යුතුය.මෙය නීතියේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමයි .මෙවන්වූ අපූරු නීති රැසකින් සම්පාදිත වේවැල්කැටිය පුවරු ලිපිය,යහපත් සමාජයක් හා වැරදි සිදුවීම වැලැක්වීම හා එම වැරදි සඳහා දඬුවම් සේම, නීතිය ඉටුකරන්නන්ගේ අත්තනෝමතික දඬවම් වලටද දඬුවම් ලබාදෙන ,අපූරු උදාහරණයකි. එසේම සැමට නීතිය සාධාරණව තිබිය යුතුය,එය යහපත් රජයක් සතු වගකීම හා පරම යුතුකම පෙන්වා දෙන අපූරු ඵෙතිහාසික සාක්ෂියක්ද වන්නේය.සුද්දාගේ නීතියට ගරු කොට සලකන අප, අපට අනන්‍යවූ ,සුද්දාගේ නීතියට වඩා බලසම්පන්න නීති පද්ධතියක් පැවති බව නොසිතීම කනගාටුවට කරුණකි.

Thursday, December 5, 2019

රණශුර දසමහ යෝධයෝ - 03

මහසෝනා යෝධයා:-

වර්තමාන අම්පාර මල්වතු  ප්‍රදේශයේ  උතුරු කරවිට ගම්මානයේ වැදගත් පුද්ගලයෙකි වූ තිස්ස හට පුතුන් අට දෙනෙක් සිටි අතර, බාලයා සෝනා ලෙස නම් කරන ලදී. මහා සිංහල වංශකථාවට අනුව මෙම දරුවා හැඳින්වූයේ කූඩා සෝනා යනුවෙනි.
කුඩා සෝනා කුඩා කාලයේ සිටම අසාමාන්‍ය ශක්තියක් පෙන්නුම් කළ අතර වයස අවුරුදු හත වන විට ඔහුගේ උසින් පිහිටි තල් ගස් පහසුවෙන් මුලිනුපුටා දැමිය හැකිය. අවුරුදු දහයේදී ඔහු දැවැන්ත තල් ගස් මුලිනුපුටා දැමීය.ඔහුට වයස අවුරුදු 16 ක් පමණ වන විට කුඩා සෝනා දැවැන්ත පොල් හා තල් ගස් උදුරා දමා මෙම දැවැන්ත ගස් උරහිස මතට ගෙන යමින් සිටියේය. සෝනාගේ ශක්තිය අලි දහයක ශක්තියට සමාන බව කියනු ලැබේ.කුඩා සෝනාගේ බලවත් ක්‍රියා දැක ගම්වාසීන් ඔහුගේ නම මහසෝනා (මහා සෝනා) ලෙස වෙනස් කර නම තැබීය.

යෞවනයෙකු ලෙස මහසෝනා ශක්තිමත් හා කඩවසම් විය. මහසෝනාගේ ශක්තිය අලි 10 දෙනෙකුගේ ශක්තියට සමාන බව බොහෝ ලේඛනවල සටහන් වේ.කාවන්තිස්ස රජු මෙම යෝධයාගේ බලවත් ක්‍රියා ගැන අසා රාජකීය මාළිගාවට කැඳවීය. රජතුමා මහසෝනාට සහ ඔහුගේ දෙමව්පියන්ට ඉඩම් සහ වෙනත් තෑගි ලබා දුන්නේය.මහසෝනාට රුහුන රාජධානියේ මගුල් මහා වීදියේ විශාල නිවසක් ද බොහෝ සේවකයින් ද ලබා දෙන ලදී.

කාවන්තිස්සා රජ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මහසෝනා රටේ සාමය හා ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය රණශූර යෝධයකු බවත් මහසෝනාට දුටුගුමුනු කුමරුට සමීපව සිටින ලෙස නියෝග කළ බවත්ය.
මහා ගැමුනු එලාරා සටනේදී මහසෝනා නිර්භීතව හා දරුණු ලෙස සටන් කළ අතර දුටුගැමුනු රජු සමඟ සමීපව සිටියේය.
ඔහු ඉතා උස යකඩ පවුරක් කඩා නගරයට ඇතුළු විය. ඔහු තමා මුලිනුපුටා දැමූ දැවැන්ත ගසකින් සතුරු සොල්දාදුවන්ට පහර දුන්නේය.
විජිතපුර ජය ගැනීමට දුටුගැමුනු රජුට උදව් කිරීමෙන් පසු මහසෝනා ගිරි නුවර සහ මාගල්පුර දිනා ගැනීම සඳහාද රජුට සහය  දුන්නේය.
සමස්තයක් ලෙස ගත් කල, රට එක්සත් කිරීම සඳහා දුටුගුමුනු රජු කළ සටන්වලදී මහසෝනා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.

ඛන්ඡදේව යෝධයා:-
මහේන්ද්‍ර දෝණි ගමේ “අභය” නම් ගැමි නායකයාගේ පුතා ඛන්ඡදේව විය .ඛන්ඡදේවගේ මුල් නම “දේව” ලෙසයි සඳහන් වන්නේ. උපතින්ම ඔහුගේ කකුලේ තිබුණු පොඩි කොරයක් නිසාවෙන්  පස්සේ කාලයක ඔහුගේ නම “ඛන්ඡදේව” ලෙසට මිනිසුන් අතර ප්‍රසිද්ධ විය. උපතින්ම කකුලේ කොරයක් තිබුණත් වේගයෙන් දුවන්න පුළුවන් හැකියාවක් ඔහුට තිබුනා.ඒ නිසාම  ඔහු දඩයමට වැඩි කැමැත්තක් දක්වන්න පෙළඹුන. ඛන්ඡදේව දඩයම් කරන්නෙ අනෙක්  අය දඩයම් කරන අයුරට වෙනස් අයුරකිනි.ඔහු  හාවුන් මුවන් ගෝනුන් පස්සේ හඹා යමින්  කකුල් හතරෙන් අල්ලලා කරකවලා පොළොවට අත්හැරීමක් මගින් දඩයම් කිරීම තමයි ඔහුගේ විශේෂත්වය වුයේ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සේනාවට කඩු හරඹ පුරුදු පුහුණු  කළේ ඛන්ඡදේව ලෙසයි සැලකෙන්නේ. ඒ තරමටම ඔහු කඩු ශිල්පයට දක්ෂ අයෙකු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

විජිත පුර සටනේදී ඛඤ්ජදේව යෝධයා සතුරන්ගේ කකුල් දෙකින් අල්ලා හිස වට කරකවා ඈතට විසි කල බවට ඉතිහාසයේ සදහන් වෙනවා. සටන අවසන් වීමෙන් පස්සේ පින් දහම් කරමින් බොහෝම දැහැමි දිවි පෙවෙතක් ගෙවූ ඛඤ්ජදේව යෝධයා මරණින් පසු දෙව්ලොව උපන් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා.

ථේරපුත්තාභය යෝධයා:-
කොටගල අසල කිත්ති නමැති ගමෙහි වාසය කළ රෝහණ නමැති ඉසුරුමත් පවුලකට  දාව උපන් පුත්‍රයාට අභය කුමාරයා යැයි නම තැබුවා. වයස අවුරුදු දහය දොළහ වෙද්දී ඒ දරුවා මහා බලසම්පන්න කෙනෙකු වුයේ සතරපස් දෙනෙකුටවත් ඔසොවන්ට බැරි ගල් රැගෙන සෙල්ලම් කරමින් ඒ ගල් වීසි කළේය.

අභය කුමාරයා වයස අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවා දුන්නේය. එය රියන් දහසයක් දිගින් සහ අඟල් තිස් අටක වටයෙන් යුක්ත වූ බව සැලකෙනවා.ඔහු ඒ විශාල මුගුරෙන් තල් ගස්වල, පොල් ගස්වල කඳට ගසා ඒ ගස් බිම හෙළයි. එයින් ම ඒ අභය යෝධයා  ක අතරත් ප්‍රසිද්ධ විය.

අභය යෝධයාගේ පියා මහාසුම්ම රහතන් වහන්සේගේ උපස්ථායකයෙකි. දිනක් ඒ රෝහණ නමැති අභය යෝධයාගේ පියා කොටගල විහාරයෙහිදී මහාසුම්ම මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්විය.ඔහු සසර ගමන කෙරෙහි අවබෝධයෙන්ම කළකිරී රජුට සැළකොට තම පුත්‍රයාට පවුලේ ධනය භාරදී මහාසුම්ම තෙරුන් සමීපයෙහි පැවිදි වූයේය.පැවිදි වූ පසු භාවනානුයෝගීව වාසය කොට උතුම් රහත් ඵලයට පත්වූයේය. අභයට “තෙරුන්ගේ පුතා” කියන අපූරු අදහසින් “ථේරපුත්තාභය” කියලා නම වැටෙන්නේ එහෙයිනි.

විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කරන්නට විය. ථේරපුත්ත හාමුදුරුවෝ මහණ වුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවේ ඉන්න කා‍ලේ පාවිච්චි කරපු කඩුව දිහා බලාගෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය මෙනෙහි කරලා රහත් ඵලයට පත් වු බවට පැරණි ජන ශ්‍රැතියක් ඇත.

වරක් (ගැමුණු කුමරුන් බැහැ දැකීමට) මාගම බලා යමින් සිටි ගෝඨයිම්බර යෝධයා මෙම විහාරයේ පිහිටි ‍පොල්වත්තෙන් කුරුම්බා කඩා බි විහාර බිම අපවිත්‍ර කොට ඇත. එවිට ථේරපුත්තාභය සාමණේර හිමි වම් පස ඇඟිලි දෙකකින් ගෝඨයිම්බර යෝධයාගේ පය ඩැහැගෙන මිදු‍ලේ ඇදගෙන ගොස් තිබේ.

විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කලා. සටනින් පසුව සියලුම තනතුරු හා තෑගි බෝග ප්‍රතික්ෂේප කල ථේරපුත්තාභය යෝධයා නැවත මහණ වී රහත් බවට පත්වුණා.


මහා භරණ:-
කපුකදුරු ගමේ  උපන් මෙම කුමාරයට  උපන් දිනයේම ඔහුගේ පියාණන්ට නිධානයක් ලැබුණු හෙයින් ඔහු භරණ ලෙසින් නම් දරන්නට වුණා .හිතාගන්න බැරි තරමේ කායශක්තියක් ඉතා කුඩා කාලයේ සිටම මේ භරණ නැත්නම් මහා භරණට තිබුණා. සාවුන් පසුපස්සේ හඹා ගොස් පයින් ගසා මරා දැමීමට ඔහුට තිබුණේ අසීමිත හැකියාවක්. මුවන්ගේ දෙකකුලින් ඔසවා පොළොවේ ගසන්නට තරම් ඔහු හපනෙක් වුණා. ගමේ තිබුණ කුඹුරු වල් ඌරන්ගෙන් බේරා ගැනීමට මහා භරණ යෝධයා තනිවම රැකගෙන සිට එන එන ඌරන් කරකවමින් පොළවේ ගසා මරන්නට වුණා.

ඔහුගේ මම දස්කම් පිළිබද දැනගත් කාවන්තිස්ස රජතුමා ඔහුගේ කායශක්තිය කොපමණද කියා විමසා බලන්නට හීලෑ නොවූ දරුණු අශ්වයෙකු පෙන්වා ඌ බැද දමන්නැයි මහා භරණට අණ කලා. අසු ඔහු ලංවෙත්ම ඉක්මනින් ඉවතට දිව ගියා. මහා භරණ අශ්වයා පසුපස පන්නා ඌ මෙල්ල කොට ගස් බැද ඇත.
විජිත පුර සටනේදී මහා භරණගෙන් වුන සේවය අතිමහත්. සටනේදී ඔහු එළාර රජුගේ අශ්වයන් මරා දැම්මා.ඔහුගේ අශ්ව ගාල විනාශ කර දැමුවා. රජුගේ ජයග්‍රහණය පිටුපස මහා භරණද සුවිශේෂි ස්ථානයක් ගනු ලැබුවා.

Wednesday, December 4, 2019

දුටුගැමුණු රජුගේ රණශුරයන් වූ දසමහ යෝධයෝ -02

ගෝඨයිම්බර යෝධයා:-
මහානාගගේ හත්වන සහ බාල පුත්‍රයා වන ගෝතයිම්බර උපත ලැබුවේ ගිරි කලාපයේ නිතුලාවිතිකා ගම්මානයේ  ලංකාවේ බටහිර පළාතේ ගෝඩිගමුව ය.ඔහු ඉතාම මිටියි.ඒ නිසා වැඩිමල් සොහොයුරෝ ඔහුට "ගෝඨයා" නමින් උසුළු-විසුළු කරන්නට වුණා.උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත් කාය ශක්තිය අතින් නම් ‍ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට සමත් වුණා.ඔහුට තිබුණේ අලස ගතිගුණ. එම නිසාම ඔහුගේ සහෝදරයින් මවට චෝදනා කළේ ගෝඨ කිසිදු ගොවිතැන් වැඩකට සහාය නොවන බව කියමින්. එලෙස සිය සහෝදරයන් කළ චෝදනාවෙන් ලැජ්ජාවට පත් ගෝඨ, පසුදින උදෑසනින්ම හේනට ගොස් සිය සහෝදරයන් දින ගණනාවක් කළ වැඩ එක දවසින් නිම කළ නිවසට පැමිණියා. එදා ගෝඨ කළ දස්කම අසා කාවන්තිස්ස රජු ඔහුව මාළිගාවට කැඳවනු ලැබුවා.

ඔහු දුටුගමුනු රජුගේ හමුදාවට බැඳුණු විට දුටුගමුනු රජු යුද්ධය ජයගත් විට බෞද්ධ විහාරස්ථානයක් ඉදිකරන බවට පොරොන්දු විය. පසුව, තම භාරය ඉටු කරමින්, දෙවිවරුන්ගේ තෘප්තිය යන අර්ථය ඇති දේවානන්දාරාම විහාරය ඉදි කළේය.
විජිතපුර සටනේදී ඔහුගේ කර්තව්‍යය වූයේ විජිතපුර බලකොටුවේ ඉහළ බලකොටුවල බිත්තිවලට පහර දී කඩා බිඳ දැමීමට ඇත්දළ කණ්ඩුල දිරිමත් කිරීමයි.

සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට පහර පිට පහර එල්ල කල බවත් වංශ කතා වල සඳහන් වෙනවා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ලැබුණා .

ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා ආරූඩ වුණා.ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා. සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ. ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ. එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව රහත් බව ලබා ගත් බව සඳහන් වෙනවා.

ඵුස්සදේව යෝධයා:-
සිතුල්පව්ව විහාරය අසල ගොඩිගමුව නම් ගම, ඵුස්සදේව යෝධයාගේ උපන් ගම යි.ඔහුගේ පියාගේ නම උත්පලය. ඔහු ධනවත් වංශවත් පුද්ගලයෙකි. දිනක් ගමේ පන්සලේ බෝධිය අසල තිබුණු හක්ගෙඩියක් දුටු ඵුස්සදේව, එය රැගෙන පිම්බ විට විශාල හඬක් නැඟුණා. ඉන් නැඟුණු හඬට මිනිසුන් මෙන්ම වනයේ සිටි සත්ත්වයෝ ද භියට පත් වුණු බව සඳහන් වනවා. එබැවින් ඔහු "උන්මාද ඵුස්සදේව" නමින් ප්‍රසිද්ධ විය​.
මේ දස්කම් ගැන කාවන්තිස්ස රජතුමාට ආරංචි වුණු නිසා ඔහුව සිය සේනාවට බඳවා ගනු ලැබුවා. එළාර සමග කළ සටනේ දී හක්ගෙඩියෙන් පිඹ ප්‍රතිවාදී සේනා භිය ගැන්වූ ඵුස්සදේව, දුනු ශිල්පයටත් හපන්කම් පෑවා.
. දුටුගැමුණු එළාර යුද්ධයේදී හක්ගෙඩිය පිඹ ඇත්තේ මේ ඵුස්සදේව විසිනුයි.විජිතපුර සටනේ දී අහස ගුගුරුවා යන හඩින් සක් පිඹිම නිසා සතුරු සේනාව පලා ගිය බව සඳහන් වනවා.

ඵුස්සදේවට ශබ්දයට අනුවත් , විදුලි කොටන එළියෙනුත්, අස් ලෝමයෙකින් බටු ගෙඩියක් එල්ලා ඒ අස් ලෝමයටත් ,වැලි පිරවූ ගැලක් සිදුරු වෙන්නටත්, ඒ වගේ ම සම් සීයකින් ඔතන ලද දේත් සිදුරු වෙන්ට ඊයෙන් විදින්ට තරම් හැකියාවක් තිබු බව මහාවංශයේ සඳහන් වෙනවා.

දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දස මහා යෝධයින්ට ගම්වර ප්‍රදානය කරන ලදි. එහිදී මොණරාගල - මාලිගාවිල ප්‍රදේශයෙ වූ පුස්සදේව ට හිමිවූයේ පල්ලේ බැද්ද අක්කර 12000ක භූමි ප්‍රමාණයක් ගම්වරයක් ලෙස පුදන ලදී.

ගැමුනු රජුට ජය ලබා දීම වෙනුවෙන් ඒ හක්ගෙඩිය තැන්පත් කර මේ ලෙන් විහරය කරවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා .එසේම, ඵුස්සදේව යෝධයාගේ සොහොනත් සංඛපාල විහාරය අසල ම පිහිටා තිබෙනවා. හක් ගෙඩියට පාලි භාෂාවෙන් කියන්නේ සංඛ කියලා . සකක් තැම්පත් කර කරවූ විහාරය යන අරුත ඇතිව සංඛපාල විහාරය ලෙස නම් කල බවයි ඉතිහාසයේ තියෙන්නේ. පුස්සදේව යෝධයා ගැමුනු රජුට ජය ලබා දුන් ඒදක්‍ෂිණාවෘත ජය සංඛය අදත් හක්ගෙඩි ගල නම් පර්වතය පතුලේ තැන්පත් කරවලා තියෙනවා. මීට අමතරව ඔහුගේ ජය සංකේතය වශයෙන් පැවැති හක් ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරය පිහිටි ගල්ලෙනේ කොටා තිබෙනු දැකගන්නට ලැබේ.

පුස්සදේව යෝධයා හා බැඳුනු තවත් රසබර කතාවක් වන්නේ  සටනේදී භල්ලුක ගේ විවර වන මුව තුළට පිවිසෙන්නට විදි හීය පියාඹා ගියේ රජු ගේ දක්‍ෂිණ කුණ්ඩලාභරණයේ වැදී එය කඩතොළු කරමිනි.භල්ලුකයා ගේ උගුර පසා කරගෙන ගිය හීය එහා කොණින් මතුවිණ. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් රණබිම මත වැටිණ. සංග‍්‍රාම භූමියේ දස අතින් ජය නද පැතිරෙන්නට විනද ඵුස්සදේව යෝධයා මහත් කම්පනයකට පත්ව සිටි බවක් පෙනිණ. ඔහු නිරිඳු ගේ කුණ්ඩලාභරණය කඩතොළුව කැපී යෑම ගැන ශෝක වී තමා ගේ ම කන් වැල සූරා රුහිරය ගෙන රජුට පෑවේ ය. ඊට හේතුව රජු විචාල කල්හි යෝධයා කීවේ භල්ලුකයාට විදි හීය රජු ගේ මිණිකොඬොලේ ගෑවුණු නිසා තමා ම තමාට දඬුවම් කර ගත් බවකි.

එවිට නිරිඳු කරුණාවෙන් බරිත ව මේ වචන කීයේ ආයාසයෙනි. ”මලණුවනි,” (රජ කෙනකු තමා ගේ සේවක යෝධයකුට මෙසේ ආමන්ත‍්‍රණය කළ ඉතිහාසයේ කිසිම අවස්ථාවක් නැත.) ඔබ නිදොස දොසක් ලෙස ගෙන ඇත්තේ කුමට ද? ඔබ මගේ දිවි බේරා ගත්තේ මින් බොහෝ කලෙකට පෙර ය. වරෙක දඟ අශ්වයකු පිට මා වැටෙන්නට යන විට ඔබ ඌ හීලෑ කරගෙන මා බේරා ගත්තේ ය. එසේ අතීත කතාවක් ද කියමින් යෝධයා අස්වැසූ ඒ නිරිඳු යෝධයා විදි හීය ගෙන්වා තමා ඉදිරියට පමුණුවන්නැ යි සේවකයනට අණ කෙළේ ය. එය මහ පොළොවේ ඍජු ව සිටුවා ඒ හීය වැසෙන තුරු කහවණු වගුරුවා ඒ කහවණු කන්ද යෝධයාට පරිත්‍යාග කෙළේ ය.

ලභියවසභ:-
රුහුණේ පිහිටි විහාරවාපී නම් ගම්මානයේ ලභියවසභ නම් තරුණයෙක් වාසය කළා. ලභිය වසභගේ පියාගේ නම මත්ත ඔහු පන්සිල් රැකි බලයෙන් අතිශය රූප සම්පන්නය.කුඩා කල සිටම ඉතාමත් කඩවසම් සිරුරක් ඇති නිසා  "ලභිය වසභ" නමින් ඔහු ප්‍රසිද්ධ විය​. සියළු යෝධයන්ගෙන් වඩාත්ම කඩවසම් තැනැත්තා මොහු විය.

මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්‍රව පැවතිප්‍රදේශයක්.ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා. එම නිසාම ගොවිතැනින් ජීවත් වුණු එම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවට පත් වුණා. එලෙස සිය ගමේ ජනතාව අසරණව සිටි අවස්ථාවේ ඔවුන්ට පිහිට වුණු ලභියවසභ මිතුරන් සමග එක්ව වැවක් කැපීමට පටන් ගත්තා. එම කාර්යය සිදුවන අතරතුර ලභියවසභගේ මිතුරන් වෙහෙසට පත් වුණත් ලභියවසභ වෙහෙසට පත් වුණේ නැහැ. දහ දොළොස් පුද්ගලයන් ඉසිලිය යුතු පස් ගොඩවල් තනියම ඔසවමින් ඔහු ඉක්මනින් ම වැවේ වැඩ සම්පූර්ණ කළා.වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට “වසභෝද කවාර ලෙසත්  වැව වසභ ලෙසත්  නමින් නම් කලා.එදා ලභියවසභගේ හපන්කම් ගැන කාවන්තිස්ස රජතුමාටත් ආරංචි වුණා. ඉන්පසුව කාවන්තිස්ස රජතුමා, ඔහුව සිය සේනාවට එකතු කර ගත්තා. එලෙස සේනාවට එක් වුණු ලභියවසභ යෝධයාට කඩු සහ දුනු ශිල්ප පුරුදු කළා යැයි සැලකෙන්නේ වේළුසුමන යෝධයා විසින්.

_ harilesi.com_

Tuesday, December 3, 2019

දුටුගැමුණු රජුගේ දස මහා යෝධ සේනාව:-

නන්දිමිත්‍ර යෝධයා:
නන්දිමිත්‍ර යෝධයා උපන්නේ කඩරොද ගම්මානයේ ය. නන්දිමිත්‍රගේ මව එලාරා රජුගේ හමුදාවේ විශ්වාසවන්ත සිංහල සෙනෙවියෙකුගේ  වූ මිත්‍රාගේ සහෝදරිය වූ ෂමානා ය. ඔහුගේ පියා නදීක, ශ්‍රී ලංකාවේ දකුණේ සිතුල්පව්ව (චිත්තල පබ්බත්ත) අසල පිහිටි ශිල්ප හා කර්මාන්ත ගම්මානයක් වන කඩරොද (චිත්‍ර නාගරය) හි ගමේ අධිපතියෙකි.ඔහු එලාරා රජුගේ හමුදාවේ අණ දෙන නිලධාරියා වූ මිත්තාගේ ඥති පුත්‍රයෙක් විය. ජනප්‍රවාදයන්ට අනුව තරුණ නන්දිමිත්‍රට අලි 10 දෙනෙකුගේ ශක්තිය තිබුණි. නන්දිමිත්‍රාගේ මාමා වන මිත්‍රා ඔහුගේ නිර්භීතකම හා ශක්තිය ගැන අසා ඔහුට අනුරාධපුරයට පැමිණ ජීවත් වීමට ආරාධනා කළේය. කුඩා කලම සිය කාය ශක්තිය පෙන්වූ නන්දිමිත්‍ර, ගැටවර අවදියේත් ගමේ මිනිසුන්ව මවිතයට පත් කළේ ගැලවීමට අපහසු උණ පඳුරක් තනියම ගලවා ඉවත් කිරීමෙන් පසු ඔහුව “ශක්තිමත් මිත්‍රා” යන අර්ථය ඇති නන්දිමිත්‍රා ලෙස නම් කරන ලදී.

කාවන්තිස්ස රජු ගාමිණි කුමරු වෙනුවෙන් හමුදාවක් සකස් කිරීමට ශක්තිමත් හා නිර්භීත තරුණයන් සොයමින් සිටින බව නන්දිමිත්‍රට දැනගන්නට ලැබුණි. ඔහු රජු සමඟ සම්බන්ධ වීමට තීරණය කළ අතර රජු බැලීමට මාගමට ගොස් ඔහුගේ හමුදාවට බැඳුණේය. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු දුටුගැමුණු කුමරු රජු ලෙස කිරුළු පළඳන ලද අතර හමුදාව සහ රණශූර යෝධයන් ඔහුගේ අණසකට යටත් විය. නන්ද්මිත්‍රා ඉතා ආගමික වූ අතර අනුරාධපුරයේ සිටියදී ඔහු බොහෝ විට ජය ශ්‍රී මහා බෝධි සහ ථූපාරාමයේ නමස්කාර කළේය. පන්සල් සහ අනෙකුත් පූජනීය ස්ථාන අපකීර්තියට පත් කළ සොල්දාදුවන් ඉරා දමා “එක් කකුලක් ඔහුගේ කකුලෙන් පාගා දමන අතර අනෙක් අත ඔහුගේ අතින් අල්ලාගෙන” මරා දැමූ බව කියනු ලැබේ. මහවංශ, 23 වන පරිච්ඡේදය, 3 පදය) 
නන්දිමිත්‍රා වරක් සුප්‍රසිද්ධ කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කර පරාජය කළ අතර ඇතා මෙය තමාට කරන ලද නිගරුවකැයි සිතූ කඩොල් ඇතා එතැන් පටන් නන්දිමිත්‍ර සමග වෛර බැදගත් අතර නන්දිමිත්‍ර නැවත මුණගැසී අවස්ථාවක් ලද විටෙක පහර දීම සදහා කඩොලැතා විසින් පොල්ගෙඩියක්  නිතරම සගවා ගෙන සිටි බවද සදහන් වේ. විජිතපුර සටන අතරතුර, කණ්ඩුල අලියා එලාර බලකොටුවට කඩා වැදීමට භාවිතා කරන ලදී; කණ්ඩුල බලකොටුව දෙසට යද්දී විශාල යකඩ දොරක් ඔහුගේ හිස මතට වැටී ඇති නමුත් නන්දිමිත්‍රා එය අතින් අල්ලාගෙන අලියා බේරා ගත්තේය. එම අවස්ථාවේ  මෙතෙක් කල් පරහදීමට සගවා ගෙන සිටි පොල්ගෙඩිය පසෙකට දැමූ කඩොල් ඇතා නන්දිමිත්‍රට තමා පිටට නගින්නට ඉඩ සැලසූ බවද අසන්නට ලැබේ.
එළාර සමග කළ විජිතපුර සටනේ දී විශාල මෙහෙයක් කළ නන්දිමිත්‍ර යෝධයාට යුධ ජයග්‍රහණයෙන් අනතුරුව ඔහුට පුත්තලම් හි දදුරු ඔයා අසල ඉඩම් ප්‍රදානයක් ලැබෙනවා. ඔහු සිය අවසාන කාලය එම ප්‍රදේශයේ ගත කළ බව වංශ කතාවල සඳහන් වනවා.

වේළුසුමන යෝධයා:
වේළුසුමන නම් රණශූරයා ගිරි දිස්ත්‍රික්කයේ කුටුම්බියංගන ප්‍රදේශයේ වාසභ නම් ගෘහ සේවකයෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ අතර ඔහුගේ මිතුරන් වන වේලා සහ ගිරි ආණ්ඩුකාරවරයා වූ සුමනගේ නමින් නම් කරන ලදී.වසභගේ මිතුරෙකු වුණු සුමන ජනපද පාලකයා ළග කිසිවෙකුට මෙල්ල කරන්නට බැරි අශ්වයෙකු සිටියා. දිනක් වේළුසුමන එම අශ්වයාව මෙල්ල කරමින් අසු පිට නැගී ගමන් කළා. සිය පුතුගේ හැකියාව දුටු වසභ සහ ඔහුගේ මිතුරු සුමන මවිතයට පත් වුණා. ඉන්පසුව ඔවුන් දෙදෙනා වේළුසුමනව කාවන්තිස්ස රජු ළගට රැගෙන ගියා. එදා සිට කාවන්තිස්ස රජුගේ සේනාවට එකතු වුණු වේළුසුමන යෝධයා දුටුගැමුණු රජුට සිටි හොඳම අසරුවා ලෙසින් සැලකෙනවා. 

විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අයෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය. මෙයින් කිපුණු එළාර රජු තම හොදම සෙබළාව වේළුසුමන මරා දැමීම සදහා පිටත් කර හැරියේය. සැඟව සිටි වේළුසුමන තම කඩුවෙන් එම සෙබලාගෙ හිස කඳෙන් වෙන් කොට, ඔහුගේ ලෙය තැවරුණු කඩුව දුටුගැමුණු රජු වෙත ගෙන යන ලදී..  මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය.එලෙස දුටුගැමුණු රජුගේ යුධ ජයග්‍රහණය සඳහා සවියක් වුණු වේළුසුමන යෝධයාට වෙරුප්පන්කුලම ගම්මානය ගම්වරයක් ලෙස ලැබුණු බව වංශ කතාවල සඳහන් වනවා.
සුරනිමල යෝධයා:
සුරනිමල යනු දුටුගැමුණු රජුගේ සේනාවේ දෙවන සේනාධිනායක වූ අතර, ඔහුගේ සෙබළුන් අතුරින් විශිෂ්ඨතම දස දෙනා වශයෙන් සැලකෙන දස මහා යෝධයන් අතුරින් එක් අයෙකි. එළාර රජුට එරෙහිව දුටුගැමුණු රජුගේ යුද්ධයෙහි විජයග්‍රහණය අරභයා ඔහුගේ කාර්යභාරය ඉමහත් විය. ඔහු කඩුහරඹයෙහි අති මහත් නිපුණතාවයක් දැක්වූ බව පැවසෙන අතර ඔහු හට රිසිවූ අවිය මහා කඩුව බවද එය ඔහු විසින් උත්කෘෂ්ඨ කුසලතාවයකින් ලෙලවු බවද කියැවේ. 

කඩවිට ග්‍රාමයේ සංඝ නමින් ධනවත් පුද්ගලයා හට  සිටි දරුවන් හත් දෙනාගෙන් බාලයා නිමල යන නමින් හඳුන්වනු ලැබුවා. සංඝගේ පුතුන් හත් දෙනෙක් ඇති බව ඇසූ දීඝාභය කුමරු ඉන් එක පුතෙකු රාජ සේවයට එවන ලෙස ඔහුට දන්වා සිටියේය​. සංඝ ගේ බාලම පුතා වූ "නිමල​" ඉතාමත් සවි බල ඇති තරුණයෙකු වූ මුත් කිසිදු රැකියාවක් නොකළ හෙයින් වැඩිමල් සෝයුරෝ රාජ සේවය සඳහා ඔහුව යවන ලෙස පියා කැමැති කරවා ගත්හ​. ඊට  සහෝදරයන් සමග උරණ වී කඩවිට නම් ගමෙන් නික්‌ම දොළොස්‌ ගව්වක්‌ ගෙවා කසාතොටට ගොස්‌ දීඝාභය කුමරු හමුවිය. දීඝාභය කුමරු ඔහුගෙන් විස්‌තර අසා සිටි විට ඔහු දොළොස්‌ ගව්වක්‌ ගෙවා හිරු නැගීමට පෙර පැමිණි බව පැවසුවේය. දීඝාභය කුමරු ඔහුගේ ගමන පරීක්‌ෂා කිරීමට සිතා මිහින්තලා ගල සමීපයෙහි වූ කුණ්‌ඩල නම් බමුණා ළඟට ගොස්‌ සඳුන්, කස්‌තුරි, කපුරු හා කළුවැල් ආදිය සුවඳ බඩු ද ගෙන එන ලෙස ඔහුට බත් කවා ලියුමක්‌ දී යවා ඇත. මේ වන විට ඔහුට අවුරුදු දොළහක්‌ පමණ විය. මහවැලි ගඟ ආසන්නයේ කසාතොට සිට මිහින්තලාවට ද, දොරමඩලාවට ද ඉන්පසු අනුරාධපුර නගරයේ වීථිවල සැරිසරා තිසා වැවෙන් දිය නා ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය වැඳපුදාගෙන පැමිණි කාර්යය ඉටු කර නැවත දොරමඩලාව, මිහින්තලය හරහා කසාතොටට පැමිණීමට ඔහුට ගත වී ඇත්තේ දින අඩකි.  කාවන්තිස්ස රජු අභිමුඛයට පත් කරන ලද නිමලගේ, දක්ෂතා උරගා බලනු වස් කඩු කිහිපයක් මුවහත් කිරීමට පැවරූ බවත්  ඉතා හොඳින් එය ඉටු කළ බවත් සඳහන් වෙනවා. ඔහුගේ නිපුණතාවයන් පිළිබඳ පැහැදුනු රජු, තමා යටතේ සේවයට ඔහු බඳවා ගෙන, රජුගේ හමුදාවෙහි ප්‍රධාන සෙන්පති වරුන් හා රණ ශූරයන් වන දස මහා යෝධයන් අතුරින් එකෙකු බවට පත් කෙරිණි.

දිනක් දුටුගැමුණු රජතුමා රා දහසය නැළියක් පිර වූ බඳුනක් පානය කිරීම සඳහා අභියෝගයක් ලබාදුන්නා. එදා එම අභියෝගය භාරගත් නිමල, එය සාර්ථකව නිම කළ නිසා ඔහු සුරනිමල ලෙස ප්‍රසිද්ධියට පත් වුණා.  
රජුගේ හස්ති රාජයා කණ්ඩුල හා මිතුරු නන්දිමිත්‍ර සමග,ඔහු  බලකොටුවේ දකුණු ද්වාරය ආක්‍රමණය කලේය. ඇතෙකු විසින් පවුරෙහි බිඳ දැමූ සිදුරකින් බලකොටුව තුලට පිවිසීම තම ගර්වයට හානියක් යැයි සිතූ සුරනිමල කොටු පවුරට උඩින් අහස් පිම්මක් මගින් බලකොටුවට පිවිසි බව කියවෙනවා. බලකොටුව තුලට පිවිසි වහාම මහා කඩුව සුරතට ගත් ඔහු සතුරා සමග සටන් කළේලු. ඔහු විසින් එළාර රජුගේ රණශූර දීඝජන්තු පරාජය කිරීම නිසා, දුටුගැමුණු ඝාතනය කිරීමේ දීඝජන්තුගේ සැලැස්ම වියැකී ගිය බවක් පැවසේ.

Sunday, December 1, 2019

අත්ලාන්තික් සාගරය හරහා එකම ගමනක් යාමට සැරසෙන ටයිටැනික් නැවෙහි අනුරුව - ටයිටැනික් 11


අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය අවාසනාවන්ත නෞකාවේ අනුරුවක් වන ටයිටැනික් II, 2022 දී එම ගමනේම යාත්‍රා කරනු ඇත.
මුල් නෞකාව නිව්යෝර්ක් බලා යාමට පෙර නෞකාව ඩුබායි සිට සවුත්හැම්ප්ටන් දක්වා සති දෙකක දිගු ගමනක් ආරම්භ කරනු ඇත.
මුල් ටයිටැනික් නෞකාව 1912 අප්‍රියෙල් 12 වන දින අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ අයිස් කුට්ටියකට වැදී පැය තුනකටත් අඩු කාලයකදීය.
චීනයේ ඉදිවෙමින් පවතින ටයිටැනික් II මගීන් 2,400 ක් හා 900 ක කාර්ය මණ්ඩලයක් රැගෙන යාමට සැලසුම් කර ඇත.
නව නෞකාව නවීන තාක්‍ෂණය හා මුල් මෝස්තරවල සම්මිශ්‍රණයක් ලෙස නිර්මාණය
කර ඇති ටයිටැනික් II හි කැබින් පිරිසැලසුම, පොදු ස්ථාන, පිහිනුම් තටාකය, තුර්කි නාන සහ මුල් නෞකාව මෙන් විශාල පඩිපෙළක් ඇත. ඉදිකිරීම් අවසන් වූ විට, මහල් නවයක් සහ කැබින් 840 ක් ඇති අතර මගීන්ට පළමු, දෙවන හෝ තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකිය. නමුත් අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැත.



බ්ලූ ස්ටාර් ලයින් හි සභාපති ක්ලයිව් පාමර් මහතා පවසන්නේ “බ්ලූ ස්ටාර් ලයින් විසින් අව්‍යාජ ටයිටැනික් අත්දැකීමක් නිර්මාණය කරනු ඇති බවත් , මගීන්ට මුල් යාත්‍රාවට සමාන අභ්‍යන්තර හා කැබින් පිරිසැලසුමක් ඇති නැවක් ලබා දෙන, නවීන ආරක්ෂක ක්‍රියා පටිපාටි, නාවික ක්‍රම සහ 21 වන සියවසේ තාක්‍ෂණය ඒකාබද්ධ කර ඇති ඉහළම මට්ටමේ සුඛෝපභෝගී සුවපහසුවක් ඇති කරන නෞකාවක් බවයි.

ඩොලර් මිලියන ගණනක රාජකීය මුදල් නොගෙවීම පිළිබඳ මූල්‍ය ආරවුලක් හේතුවෙන් නෞකාවේ ඉදිකිරීම් වසර කිහිපයක් ප්‍රමාද විය.

තවත් ටයිටැනික් නෞකාවක් චීනයේ ඉදිවෙමින් පවතී. කෙසේ වෙතත් එය සංචාරක නිකේතනයක කොටසක් වනු ඇත.මුල් ටයිටැනික් නෞකාව මගීන් 2224 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 1912 අප්‍රියෙල් 15 වන දින සිය මුහුදු ගමනේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ගිලී ගියේය. එහි ලී ජීවිතාරක්ෂක බෝට්ටු 16 ක් තිබූ අතර එහි රැඳී සිටියේ 1178 දෙනෙකුට පමණි. එය මුළු ධාරිතාවෙන් තුනෙන් එකකි.

නව නෞකාවට මගීන් 2435 ක් සහ කාර්ය මණ්ඩලය 900 ක් රැගෙන යා හැකි අතර 2700 ක් රැගෙන යා හැකි ජීවිතාරක්ෂක බෝට්ටු සහ අමතර ධාරිතාව 800 ක් සහිත ජීවිතාරක්ෂක බෝට්ටු එහි ඇත.

නිව්යෝර්ක් වෙත සිය ගමන අවසන් කිරීමෙන් පසුව, ටයිටැනික් II 2022 දී යාත්‍රා කිරීමට නියමිත වන බවත් ලෝකය වටා සංසරණය වන ඇය සංචාරය කරන සෑම වරායකම අසමසම අවධානය, කුතුහලය සහ අභිරහස ආකර්ෂණය කර ගනිමින් මිනිසුන්ව ප්‍රබෝධමත් කරනු ඇතැයි පාමර් පවසයි.

Friday, November 29, 2019

. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය


රාජ්‍යයක අයිතිය ප්‍රකාශ කිරීමට රාජ්‍ය ලාංඡනය යොදා ගැනේ. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවති සමයේ දී පවා මෙරටට රාජ්‍ය ලාංඡනයක් තිබිණි. එහි සංකේතය වූයේ සිංහයා සහ කඟෙව්නා ය.නිදහස ලැබීමෙන් පසු වක්‍රයක් තුළ සිංහ ලාංඡනය හා වටේට පලාපෙති මෝස්තරයක්, මුදුනෙහි ඔටුන්නක්, සිංහ රූපයට පහතින් ‘ලංකා‘ යනුවෙන් සඳහන් වූ රාජ්‍ය ලාංඡනයක් භාවිතා කෙරිණි. වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.

ජනරජ දින උත්සවය සැමරීම සඳහා ජාතික ලාංඡනයක අවශ්‍යතාව මතු වූ අතර ජනරජය සඳහා ලාංඡනයක්
සැකසීමට කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.පෙ‍්‍රමරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගමසේකර යන විද්වත් පිරිස එම කමිටුවේ සාමාජිකයෝ වූ හ. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන් ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය
නිර්මාණය කළේ ය. මේ ආකාරයට නිර්මාණය කළ රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේ ද උපදෙස් ලැබිණි.

රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් ප්‍රකාශ වන විවිධ අර්ථ.
පුන්කලස - සෞභාග්‍යය
වී කරල් දෙක - සශ්‍රීකත්වය හා සෞභාග්‍යය
ඉර හා හඳ - ජාතීන් ඉර හඳ පවතින තාක් කල් පැතිරේවා
සිංහයා - ජාතියේ සංකේතය
සිංහයා කඩුවක් දරා සිටීම - ප්‍රෞඩත්වය
නෙළුම් මල් මෝස්තරය - පිරිසිදු බව
ධර්ම චක්‍රය - බහුතරයේ ආගම වූ බුද්ධාගම
මායිම් රේඛාව - සියලු කරුණු ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව

රාජ්‍ය ලාංඡනයේ සංකේතවලින් දැක්වෙන්නේ“ධාර්මික,ප්‍රෞඪ ජාතිය,ඉර හඳ පවත්නා තාක්කල් සශ්‍රීකත්වයෙන් පරිපූර්ණ වූ සෞභාග්‍යමත් ජාතියක් ව දිනේවා!” යන පැතුම යි.

රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට පමණ යි. 1972 මැයි 22 වැනි දින අංක 3/3/54 දරන ගැසට් පත්‍රෙයන් රාජ්‍ය ලාංඡනය ප්‍රසිද්ධියට පත් කර ඇත.

වර්තමාන ජනාධිපතිවරයා වන ගෝටාභය රාජපක්ෂ මහතා විසින් සියලු රාජ්‍ය ආයතන වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කොට ඇත.

Thursday, November 28, 2019

පුරාණ දෙමළ රාජධානිය - ලෙමුරියා මහාද්වීපයේ කුමාරි කන්දම්



පුරාණ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් විස්තර කර ඇති පරිදි ගිලුණු පුරාවෘත්තයක් වන ඇට්ලන්ටිස්ගේ කතාව බොහෝ දෙනාට හුරුපුරුදුය. මෙම කතාව වචනානුසාරයෙන් වටහා ගත යුතුද නැතිනම් හුදෙක් සදාචාරාත්මක කතාවක් ලෙස ගත යුතුද යන්න පිළිබඳව අද දක්වාම මතය බෙදී ඇත. ඉන්දියාවේ උප මහද්වීපයේ නැගෙනහිරට සමාන කතාවක් ඇතත් එය ඇට්ලන්ටිස් හා සසඳන විට එතරම් ප්‍රසිද්ධ නැත. දෙමළ භාෂාව කතා
කරන්නන් විසින් කුමාරි කන්දම්ගේ පුරාවෘත්තයට නිතර සම්බන්ධ කරන ලෙමුරියා හි ‘නැතිවූ මහාද්වීපය’ මෙයයි.

ලෙමුරියා යන වචනයේ මූලාරම්භය ඇත්තේ 19 වන සියවසේ අග භාගයේදීය. 19 වන ශතවර්ෂයේදී යුරෝපීය හා ඇමරිකානු විද්වතුන්ගෙන් කොටසක් අප්‍රිකාව, ඉන්දියාව සහ මැඩගස්කරය අතර භූ විද්‍යාත්මක හා වෙනත් සමානකම් පැහැදිලි කිරීම සඳහා ගිලී ගිය මහාද්වීපයක ලෙමුරියා නම් පැවැත්ම අනුමාන කළහ.  ඉංග්‍රීසි
භූ විද්‍යාඥ පිලිප් ස්ක්ලැටර් මැඩගස්කරයේ සහ ඉන්දියාවේ සාමාන පොසිල තිබීම පුදුමයට පත් කළ නමුත් අප්‍රිකාවේ සහ මැද පෙරදිග ප්‍රධාන භූමි ප්‍රදේශවල නොවේ. මේ අනුව, 1864 දී ඔහුගේ ලිපියේ ‘මැඩගස්කරයේ ක්ෂීරපායින්’ නම් මැඩගස්කරය සහ ඉන්දියාව වරෙක විශාල මහාද්වීපයක කොටසක් බව යෝජනා කළ අතර, අතුරුදහන් වූ මෙම භූමි භාගය ‘ලෙමුරියා’ ලෙස නම් කළේය.

 පුරාණ කාලයේ මැඩගස්කරයේ සිට ඉන්දියාවට හෝ අනෙක් අතට සංක්‍රමණය විය හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ලෙස ස්ක්ලැටර්ගේ න්‍යාය එම යුගයේ විද්‍යාත්මක ප්‍රජාව විසින් පිළිගනු ලැබීය. කෙසේ වෙතත්, මහාද්වීපික ප්ලාවිතය සහ තහඩු තාක්‍ෂණය පිළිබඳ නවීන සංකල්ප මතුවීමත් සමඟම, ගිලී ගිය මහාද්වීපයක් පිළිබඳ ස්ක්ලැටර්ගේ යෝජනාව තවදුරටත් පිළිගත නොහැකි විය. එහෙත්, නැතිවූ මහාද්වීපයක් පිළිබඳ අදහස මියයාම ප්‍රතික්ෂේප කළ අතර සමහරු තවමත් විශ්වාස කරන්නේ ලෙමුරියා යනු අතීතයේ පැවති සැබෑ මහාද්වීපයක් බවයි.  එවැනි එක් කණ්ඩායමක් වන්නේ දෙමළ ජාතිකවාදීන් ය.


 කුමාරි කන්දම් යන පදය පළමුවෙන්ම පහළ වූයේ 15 වන සියවසේ ස්කන්ධ පුරාණ හා සංස්කෘත සාහිත්‍යයේ
විස්තර කර ඇති පරිදි දෙමළ පුනර්ජීවනය කරන්නන්ගෙන් කොටසක් මෙම න්‍යාය අනුවර්තනය කර සාගරයට අහිමි වූ පාණ්ඩ්‍ය දේශවලට සම්බන්ධ කරයි දෙමළ අනුවාදය වන කන්ද පුරාණයෙනි.එහෙත්, ඉන්දියානු සාගරයෙන් ගිලී ගිය පුරාණ භූමියක් පිළිබඳ කථා මීට පෙර බොහෝ දෙමළ සාහිත්‍ය කෘතිවල වාර්තා වී තිබේ. කතන්දර වලට අනුව, කලක් පාණ්ඩියානු රජවරුන් විසින් පාලනය කරන ලද සහ මුහුදෙන් ගිල දැමූ භූමියේ කොටසක් තිබුණි. ලෙමුරියා පිළිබඳ ආඛ්‍යාන යටත් විජිත ඉන්දියාවට පැමිණි විට, රට අයිතිහාසික දැනුම කරුණු ලෙස විහිදීමට පටන් ගත් කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙමුරියා ඉක්මනින් කුමාරි කන්දම් සමඟ සමාන විය.

කුමාරි කන්දම්ගේ කතාව හුදු කතාවක් ලෙස නොසලකන නමුත් ජාතිකවාදී හැඟීම්වලින් පිරී ඇති බව පෙනේ. කුමාරි කන්දම්හි පාණ්ඩියන් රජවරු මුළු ඉන්දියානු මහාද්වීපයේම පාලකයින් වූ බවත්, දෙමළ ශිෂ්ටාචාරය ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරය බවත් කියනු ලැබේ. කුමාරි කන්දම් ජලයෙන් යට වූ විට, එහි ජනතාව ලොව පුරා ව්‍යාප්ත වී විවිධ ශිෂ්ටාචාරයන් ඇති කළහ. පාණ්ඩ්‍ය පාලන සමයේදී පළමු දෙමළ සාහිත්‍ය (සංගම්) සංවිධානය කළ ස්ථානය කුමාරි කන්දම් ය. දෙමළ භාෂාවේ හා සංස්කෘතියේ පෞරාණික බව සනාථ කිරීම සඳහා ඔවුන් කුමාරි කන්දම් ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස ප්‍රකාශ කළහ එබැවින් නැතිවූ මහාද්වීපය ද මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල යැයි කියනු ලැබේ.

කුමාරි කන්දම්ගේ කතාවේ කොපමණ සත්‍යයක් තිබේද? ඉන්දියාවේ ජාතික සාගර විද්‍යා ආයතනයේ පර්යේෂකයන්ට අනුව, මුහුදු මට්ටම මීටර 14,500 කට පෙර මීටර 100 කින් ද මීට වසර 10,000 කට පමණ පෙර මීටර 60 කින් ද අඩු විය. මේ අනුව, කලක් ශ්‍රී ලංකා දූපත ඉන්දියාවේ ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන ගොඩබිම් පාලමක් තිබෙන්නට ඇත. මීට වසර 12,000 ත් 10,000 ත් අතර කාලයකට පෙර ගෝලීය උනුසුම් වීමේ වේගය වැඩිවීමත් සමඟ මුහුදු මට්ටම ඉහළ යාම නිසා වරින් වර ගංවතුර ඇති විය. මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පහත් බිම් වෙරළබඩ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රාග්  අයිතිහාසික ජනාවාස ජලයෙන් යටවීමට ඉඩ තිබුණි. මෙම ව්‍යසනකාරී සිදුවීම් පිළිබඳ කථා වාචිකව එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය කර අවසානයේ කුමාරි කන්දම්ගේ කතාව ලෙස ලියා තිබේ.


කුමාරි කන්දම්ගේ පැවැත්මට උපකාරී වන එක් සාක්ෂියක් වන්නේ ආදම්ගේ පාලම (රාමගේ පාලම ලෙසද හැඳින්වේ), ඉන්දියාවේ ප්‍රධාන භූමියේ සිට ශ්‍රී ලංකාව දක්වා සැතපුම් 18 ක් දුරින් පිහිටි පෝල්ක් සමුද්‍ර සන්ධියේ පිහිටි වැලි, රොන්මඩ හා කුඩා ගල් කැට වලින් සෑදී ඇති හුණුගල් සපත්තු දාමයකි. . මෙම භූමි ප්‍රදේශය වරෙක ස්වාභාවික සැකැස්මක් යැයි විශ්වාස කෙරුණි, කෙසේ වෙතත්, තවත් සමහරු තර්ක කරන්නේ නාසා චන්ද්‍රිකාවක් විසින් ගන්නා ලද ඡායාරූප මගින් මෙම භූමි සැකැස්ම සාගරයේ මතුපිටට යටින් දිගු කැඩී ගිය පාලමක් බවයි. මෙම ස්ථානයේ පාලමක් පැවතීම තවත් පුරාණ පුරාවෘත්තයක සහාය වේ. රාමායණය රාමගේ බිරිඳ වන සීතාගේ කතාව ලංකා දූපතේ තබා ඇත.රාම විසින් තම වානර හමුදාව තම ආදරණීය සීතා යක්ෂ රජු වන රාවණාගෙන් බේරා ගැනීම සඳහා සාගරය හරහා ලංකාවට ප්‍රවාහනය කිරීමට පාලමක් ඉදිකිරීම සඳහා දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘතියක් ආරම්භ කරයි. ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිනිකොන දෙසින් පිහිටි ඉන්දියාවේ සහ මන්නාරම් දූපතේ වයඹ දෙසින් පිහිටි පම්බන් දූපත, රාමේෂ්වරම් දූපත ලෙස හැඳින්වෙන, පම්බන් දූපත අතර, රාමගේ පාලම හෝ රාම සේතු ලෙසද හැඳින්වෙන ආදම්ස් පාලම හුණුගල් දාමයකි.රාමේෂ්වරම් නගරයට නුදුරින් පිහිටි රාම සේතුගේ ඉන්දියානු අවසානය හින්දු ආගමේ පූජනීය ස්ථානයක් වන අතර ජනප්‍රිය වන්දනා ස්ථානයකි 

බොහෝ ඊනියා මිථ්‍යාවන් මෙන්, කුමාරි කන්දම්ගේ පුරාණ දෙමළ පුරාවෘත්තයන්ට අවම වශයෙන් යම් සත්‍යයක් හෝ ඇති බව පෙනේ, නමුත් කොපමණ ප්‍රමාණයක් තවමත් නිශ්චය කර නොමැත.