Friday, September 27, 2019

විජයාවතරණය



හාවංශයට අනුව, ශ්‍රී ලංකාවේ මුල් වැසියන් යක්ෂයන් සහ උතුරු නාග ගෝත්‍රිකයන් ය. සිංහල ඉතිහාසය සාම්ප්‍රදායිකව ඇරඹෙන්නේ ක්‍රි.පූ 543 දී විජය කුමරුගේ ලංකා ගමනයත් සමඟය.

 මහාවංශයට අනුව විජයගේ මුතුන් මිත්තන් පැවත එන්නේ නැගෙනහිර ඉන්දියාවේ බෙංගාලයේ කාලිංග රාජ්‍යයෙන් (පුරාණ ඔරිස්සාව) සහ බංගලාදේශයේ පිහිටි වංග දේශයෙනි. වංග දේශයේ රජු කාලිංග රජුගේ දියණිය හා විවාහ විය. නමින් සුප්පා දේවිය වු ඇය අනුරාගීය , ඉතා රූමත්ය . ඇය වනයේ සිංහයෙකු හා ආලෙන් වෙලී ඔහු සමඟ තම දෙමාපියන්ට හොරෙන් විවාහ වූ බවත්, සිංහයාගෙන් සහ සුප්පා දේවියගෙන් ලත් දරුවන් දෙදෙනා සිංහබාහු සහ සිංහ සීවලී නම් වේ.සුප්පා දේවිය සිංහයෙකු නිසා ගැබ් ගත්තා යයි කියන කථාව  අර්ථ කථනය කරනු ලබන්නේ සිංහයෙකු නිසා නොව “සිංහ” නමින් යුත් කැරළි නායකයෙකු නිසා ගැබ් ගත් ලෙසිනි. මෙම දරු පවුල ගල් ලෙනක ජීවත් වුහ. සිංහයා (පියා) ගල් ලෙනෙහි දොරටුව නිරතුරු විශාල ගලක් යොදා ආවරණය කළේ දරුවන් හා බිරිද පලා යාම වැලැක්වීම පිණිසයි. දරු    සිංහබාහු තරුණ වියට පත් වූ පසු සිංහයා වනයට ගිය විටෙකදී ගල් ලෙනෙන් ‍ඉවත් වී පලා ගියහ. සිංහබාහු තමාගේ ‍සහෝදරිය වු සිංහසීවලී විවාහ කරගෙන “සිහපුර” නගරය මුල් කොට තම රාජ්‍යය පිහිටුවා ගත්තේය. සිංහසීවලී නිවුන් දරුවන් බිහි කළාය. පළමු දරුවා විජය වු අතර සුමිත්ත ඔහුගේ නිවුන් සොහොයුරා විය.


(අජන්තා ලෙන්වල ඇති විජයාවතරණය දැක්වෙන සිතුවමක්.)


විජය ඉතා හිතුවක්කාර , මුරණ්ඩු දාමරික පුද්ගලයෙකු වශයෙන් විස්තර කර තිබේ.විජය කුමරු අතින් රටවැසියාට දරාගත නොහැකි අන්දමේ දාමරික ක්‍රියාවන් සිදුවිය. ඔහුගේ නොහොබිනා වැඩට දඬුවමක් වශයෙන් ඔහුගේ පියා වූ සිංහබාහු රජතුමා ඔහුගේ අනුගාමිකයන් 700 දෙනා සමඟ හිස මුඩු කර වංග දේශයෙන් පිටුවහල් කළා. විජයාවතරණය වූනෙත් අප මහා ගෞතම බුදරජාණන් වහන්සේ පිරිණිවන් පෑමේ අදහසින් කුසිනාරාවේදී පිරිණිවන් පෑවෙත් එකම දවසේ යැයි සඳහන් වේ.අපේ ඉතිහාසඥයෝ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරල තියෙන්නෙත් (එනම් බුද්ධ වර්ෂ 1 (ක්‍රි, පු. 543) එදවසින් ඇරඹිණි) එම දිනයේදී වේ.  (මහාවංශය, බෝධිවංශය, රාජරත්නාකාරය, හා සියබස් මල්දම යන කෘතිවලට අනුව විජයාවතරණය බුද්ධ පරිනිර්වාණය වූ දින බව පැවසුවත් රාජාවලියට අනුව එය සිදු වී ඇත්තේ බුදුන් පිරිනිවන් පෑ දිනෙන් සත් දිනකට පසුව යි).

මොවුන් ලංකාවේ වයඹ දිග වෙරළට ගොඩ බැහැපු අතර  පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තබා ඇත. විපරම් කිරීමේදී මොවුන්ට බැල්ලියක් හමුවූ අතර මිනිස් වාසයක් ඇති බවට ඔවුන්ට ඉඟියක් ඇති විය.ඉන්පසුව මිනිසුන් ගැවසෙන පිරිසක් ඒ කිට්ටුවම ඇතැයි සිතා ඔවුන්ගේම කිහිප දෙනෙක් ඒ ගැන සොයා බැලීමට යැවීය.එසේ ගිය කිසිවකු ආපසු නොපැමිණි බැවින් අවසානයේ විජය කුමරු ඔවුන් සොයා ගියේය.එහිදී ඔහුට දකින්නට ලැබුණේ කපු කටිමින් සිටින කාන්තාවකි.ඇය කුවේණියයි.රෙදිපිළි සකසා ගැනීම ලක්දිව එවකට පැවති දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ මෙමඟින් කියා පායි.කපු කටිමින් සිටි කුවේණිය යක්ෂ ගෝත්‍රික කාන්තාවකි. කුවේනියද ලංකාවේ පදිංචිකාරයන් වු රාමායනයෙහි සඳහන් යක්ෂයගෙන්ද, රාවණා පරපුරේ යක්ෂයන්ගෙන්ද පැවත එන තැනැත්තියක ලෙස සැලකුනි. කුවේණිගේ ළමැඳ පියයුරු තුනක් තිබූ බවත්, ඉන් මැද පියයුර මැකුණු විට ස්වාමියෙකු ලැබෙන බව ඉසිවරුන් විසින් පැවසූ අතර කුවේණියට විජය හමු වූ විට මැද පියයුර මැකී ගියේ ය. (රාජාවලියේ හා කුවේණි අස්නේ මෙය සඳහන් වේ)

එදා ශ්‍රී ලංකාවේ වාසය කළ ජනතාව යක්ෂ හා නාග ගෝත්‍රවලට අයත් වූහ.ඒ අතර ප්‍රධාන වූයේ යක්ෂ ගෝත්‍රයයි.ඔවුන්ගේ ප්‍රධාන රාජධානිය තිබුණේ ලංකාපුර ලෙස හැදින්වුණු මහියංගන ප්‍රෙද්ශය මධ්‍යස්ථානය කොට ගෙනය.ලග්ගල හා සිරසවත්ථු හෙවත් තම්මැන්නා යන ප්‍රෙද්ශ වලටද එය පැතිර තිබුණි. නාග ගෝත්‍රිකයෝ නාගදීපයේ(යාපනයේ) සහ කැලණියේ වාසය කළහ.


(විජය සහ කුවේණි)

කුවේණිය  විජයට පහර දුන් අතර ඔහුගේ පිරිස බිං ගෙයක සිරකර දැමුවාය. තම පිරිස ආපසු නුදුනහොත් කුවේණිය මරා දමන බවට විජය තර්ජනය කළ විට ඇය ඔවුනට ආහාර හා ඇඳුම් ද සපයා දුන්නාය.

විජය ඇතුළු පිරිස තම්මැන්නාවට ගොඩබට දිනයේ ලංකාපුරයේ ප්‍රධාන පාලකයා වූයේ මහා කාලසේන කියන රජතුමාය.මොහු රාවණා පෙළපතට අයත් කෙනෙක්.එම දිනයේ ලංකාපුරයේ මෙම මහා කාලසේන රජුගේ දියණියක සිරසවත්ථු පුරයේ පාලකයාට ආවාස කර දෙන මංගල උත්සවයක් පැවැත්වුණි.ඒ නිසා යක්ෂ ගෝත්‍රික නායකයන් ,එදා එම පුරයට රැස්වීමට නියමිත වී තිබුණි.අතිශය උත්කර්ෂවත් විවාහ මංගල උත්සවයක් වූ එම දසත පැතිර ගිය සංගීත රාවයෙන් මෙන්ම නැටුමෙන් ගැයුමෙන්ද අලංකාර විය. විජය කුමාරයා හා කුවේණිය හා වූ කතා බහෙන් පසුව විජය කුමරු සමඟ ආවාහ වීමටත් මේ රාජ්‍යය ඔහුට ලබාගැනීමට ඔහුට උදව්කිරීමටත් කුවේණිය කැමති විය.ඒ අනුව එදි උත්සවයට සහභාගීවූ සියලුම ප්‍රභූ පිරිස්වලට සහ ගෝත්‍ර නායකයන්ට එරෙහි වූ කුවේණිය ඔවුන් මරවා විජයට ලක් රජය ලබා දීමට විධි විධාන යෙදුවාය.මැදියම් රැයේ උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ සියලුදෙනා අපමණ සතුටෙන්,විනෝදයෙන් සිටියදී එතැනට කඩා පනින ලද විජය ඇතුළු පිරිස එම යක්ෂ ගෝත්‍රික නායකයන් සමූල ඝාතනය කළහ. ආර්යය රාජ්‍යය ප්‍රධාන වශයෙන් හින්දු, ද්‍රවිඩ ප්‍රදේශයන් වූ අතර මොහුගේ රාජධානිය බුදු දහම මත පදනම් වූ රාජධානියක් විය.මොහුගේ රාජධානිය බුදු දහම පදනම් වුවද මොහු බෞද්ධයෙක් නොවීය.ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙසට පැහැදිලිව වෙනස්වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේය.විජයගේ සහ කුවේණියගේ සම්බන්ධය වැදි ජනයාගේ ආරම්භය වූයේය.

කුවේනිය සහ විජය යන දෙදෙනාම ද්‍රෝහිවූවන් සහ දැඩි සිත් ඇත්තවුන් වශයෙන් විස්තර කෙරී ඇත. කුවේනිය එය තහවුරු කර තිබුණේ තමන්ගේම වර්ගයා පවා දිමෙනි. 
කුවේනිය විජය හා ආවාහ වීම නිසා දරුවන් දෙදෙනකු ලැබුවාය. ඒ දියණියක හා පුතෙකි.ඔවුන් “ජීවහත්ත” සහ “දිසාලා”ය.
      

(අජන්තා ලෙන්වල ඇති විජයාවතරණය දැක්වෙන සිතුවමක්.)

අනෙකුත් රජවරුන් හා සම තත්වයක් හා ඔහුගේම වූ රජයක නියමාකාර හිමිකම ඔහුට ලබා ගැනීමට නම් උසස් කුල කාන්තාවක් සරණ පාවා ගෙන ඇය අග මෙහෙසිය බවට පත් ල යුතු විය. එනම් රජ පෙළපතක කුමාරිකාවක් සරණ පාවා ගැනීම සිදු කිරීමෙන් නියම රාජ්‍යත්වය (සාම්ප්‍රදායික රාජ අභිෂේකය )තමා වෙත ලබා ගැනීමට ඇති හැකියාවයි. අවසානයේ කුවේනියට තම දරුවන් සමඟ මාළිගයෙන් පිට වීමට සිදු විය.

මේ අතර විජයගේ අමාත්‍යවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කළහ. ඔවුනට එවැනි කාන්තාවක් හමු වන්නේ පඬු රටෙනි. ඒ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ විජායි කුමරියයි. පඬි රජු තම දියණිය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළා පමණක් නොවවිජායි කුමරිය පැමිණ ඇත්තේ දහසක පිරිසක් පමණ ඇත. ඔවුන් ලක්දිව මාන්තෙයි හෙවත් මන්නාරාමට ගොඩ බැස ඇත.මෙහිදී විජයගේ පිරිසේ සෑම කෙනෙකුටම බිරිඳක් ලැබුණේය. (ඔවුන්ගේ පළමු බිරින්දෑවරු ඔවුන්ගේ මුහුදු ගමනේදී ඔවුන්ගෙන් වෙන් වූහ. පුරාණ කථාවලට අනුව එකී බිරින්දෑවරු මාලදිවයිනට යැවෙන්නට ඇත. පඬි රටේ කුමරිය මෙහි ළඟා වූ පසු ඇමතිවරු විශාල උත්සවයක් සංවිධානය කොට විජය අභිෂේක කරවූහ.

විජය කුමරු මල්වතු ඔය අසබඩ තම්බපණ්ණියේ බලය තහවුරු කර ගත් අතර ඔහු සමඟ පැමිණි පරිස් තම නම් වලින් එක් එක් ප්‍රෙද්ශවල ගම් පිහිටවූහ. උජ්ජෙනි, උරුවෙල, උපතිස්සගම, විජිත සහ අනුරාධගාම යනාදී වශයෙන් ජනාවාස පිහිටවිය. මෙයින් අනුරාධගාම ඉතා හොඳ ආරම්භයක් වූයේය. එය ඉන් පසු අවුරුදු දහසක පමණ කාලයක් රජරට අගනුවර විය.


        ඇමති   
          ස්ථානය
        ග්‍රාමය
 අනුරාධ ඇමති
 මල්වතු ඔය ඉවුරේ
 අනුරාධගාමය
 උපතිස්ස ඇමති
 ඛනදරා ඔය අසල
 උපතිස්සගාමය
 විජිත ඇමති
 මල්වතු ඔය ඉවුරේ
 විජිතගාමය
 උරුවේල ඇමති
 කලා ඔයේ මෝය අසල
 උරුවේලාගාමය


අවු.38 ක් රජ කම් කරපු විජයට මරණින් පස්සේ රජකම භාර දෙන්න දරුවෙක් සිටියේ නැත. විජය මිය ගිය අවස්ථාවේදී විජය විසින් තෝරණ ලද අනුප්‍රාප්තිකයා  වූ සුමිත්තසිංහපුර සිට පැමිණෙනතෙක්,  අමාත්‍යවරු අවුරුද්දක් (ක්‍රි. පූ. 504  වන තෙක්) උපතිස්ස ගම සිට අවුරුද්දක කාලයක් පාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. එසේ වූවද සුමිත්ත මෙහි නොපැමිණි අතර ඒ වෙනුවට ඔහුගේ පුත් වූ පඬුවස් දෙව් පැමිණ විජයගේ පරම්පරාව දිගටම පවත්වාගෙන යාම තහවුරු කරමින් රටේ පාලනය ගෙන ගියේය.



Miracle Asia Advertising Team

1 comment: